මීගමුව බිච් පාක් එකේ දැනට පවතින අරාජික තත්වය හමුවේ බිමතින් පිස්සු කෙළින අයගේ ගණන දිනපතා වැඩිවෙමින් තිබේ.
මීගමුවේ මාෆියා කළමණාකරුවන්ගේ පාලනයට නතුව තිබෙන බිච් පාක් එකට නිතිය හා පිළිවෙල යළිත් ස්ථාපිත කිරිමට දැන් අවැසිතාවයක් නැත,හේතුව තමන්ගේ මාෆියා වැඩ තවදුරටත් හොදින් පවත්වාගෙන යා හැක්කේ හැකිතාක් අරාජික වන්නෙ නම් පමණි.
ඊයේ දිනයේ මීගමුව බිච් පාකට පැමිණ බිමතින් හැසිරනු පිරිසක් අතරින් තරුණයෙකු දිය නැමට ගොස් අතුරුදහන් ව තිබි අද දිනයේ පළගතුරෙයි ප්රදේශයෙන් ඔහුගේ මෘත දේහය සොයාගෙන ඇත.
බිච් පාක් එකේ නෑමට ඇති ආනාරක්ෂිත තත්වය ගැන කිසිදු දැනුවත් කිරිමක් සදහා අවැසි පුවරුද නැත.
මේ නිසාම මුහුදේ ඇති කුහර ගැන කිසිත් නොදැන මුහුදට බැස ඒවායේ සැගව යන ජිවිත බේරාගැනිමට වැඩපිළිවෙලක් මේ පාලනය කරන අයට නැත.
බිච් පාක් එකේ මේ තත්වය ගැන මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර මහතාද පැහැදිලිව වගකිව යුතුව තිබේ.
ඒ මෙවන් මාෆියා පාලනයක් වෙත මෙය යළි යළිත් පවරා දි තිබිස නිසාමය.