බිම වෙනස් වුවත් , ගඳ වෙනස් නොවන කුණු කතාවක්….

0
165

කුණු 8කුණු 7සෙල්ලකන්ද පාරේ මීගමුව බස් ඩිපෝව ආසන්නයේ නිතර එකතුවන කුණු ගොඩක් නිසා පරිසර ප්‍රශ්ණයක් මතුවී ඇත. මෙම කුණු ගොඩගැසෙන්නේ මීගමුව බස් ඩිපෝවේ තාප්පය අසලය. මීට පෙරද අපට මේ පිළිබඳව ලියන්නට සිදුවිය. මෙවරද මෙසේ ලියන්නට සිදුවී ඇත්තේ දින ගනනක් ගියද තවමත් මෙම කුණු ගොඩ ඉවත් නොවීම නිසාය. මේ නිසා එය කපුටන් සහ බල්ලන්ට රජමගුලක්වී ඇත. පාර්සල් කර ඇති කුණු උන් ලිහා දමමින් පාරපුරා විසුරුවා දමයි.

පාරේ යන එන අය මේවා දෙපයින් මැඩ⁣ගෙන දුඟඳ උසුලාගෙන මේ ස්ථානයෙන් ගමන් කළ යුතුය.
සෙල්ලකන්ද පාර අයත්වන්නේ කටානටය. කුණු ගොඩ ගැසී ඇත්තේ කටාන මීගමුව සීමාවෙහිය. ඒ නිසා කුණු කටානේ වුවද බිම මීගමුවට අයිතිය. ඒනිසාම මේ කුණු ප්‍රශ්ණයට බලධරයින් දෙපිරිසක් ඇත . කාලයක් තිස්සේ කටාන සහ වෙනත් ප්‍රදේශවලින් පැමිණ මෙහි කුණු පාර්සල් විසිකර දමා යන බව අවට ප්‍රදේශවාසීන් පවසයි. වරක් මීගමුව බස් ඩිපෝවේ තාප්පයට CCTV කැමරා සවිකර තිබින. නමුත් මේවනවිට එය දකින්නට නැත. එය තිබුනේ නම් කුණු දමා යන අය හඳුනා ගැනීමට හැකියාවක් තිබින.

කෙසේ නමුත් මෙම කුණු ඉවත් නොවන්නේ කොරෝනා නිසා වැඩ කරන පිරිසට නිවාඩු නිසා යැයි සමහරු පවසති. නමුත් අවට සෑම පාරකම එකතුවන කුණු නගරසභාව විසින් ඉවත් කරනු දැකිය හැක. ඒ නිසා එහි සත්‍යතාවයක් නැතිබව පැහැදිළිය. කොරෝනා එන්නට පෙරද මේ කුණු ප්‍රශ්ණය එසේම විය. ඒ නිසා අවට ප්‍රදේශවාසීන් කටානේ සහ මීගමුවේ අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ සඳහා ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙසය.

සැම්සන් ඥානසිරි
කුණු6