බිමට වැටුනු පාපන්දු ක්‍රීඩාව උඩට එසවීමේ වෑයමක් !

0
49

football 3football 2

මීගමුවේ  ක්‍රීඩාව  පිළිබඳව  ඇල්මක්  දක්වන  පිරිසක්  එකතුවී   පාපන්දු  ක්‍රීඩාව  නගාසිටුවීම  උදෙසා   මීගමුව  තරුණ  ළමයින්ගේ  පාපන්දු  පාසැල  යන  නමින්   වැඩසටහනක්    අදදින ( 4දා) ආරම්භ  කරන  ලදී.   අදදින    උත්සවාකාරයෙන්   මීගමුව  කඩොල්කැලේ  ක්‍රීඩාංගණයේදී   පවත්වන ලද  මෙම  වැඩසටහන   මීගමුවේ  පාපන්දු  ක්‍රීඩාව  පිළිබඳව  ආරම්භ කරන  ප්‍රථම  වෘතිමය  පාපන්දු  පාසැලයි.  මේ  සඳහා  ශ්‍රී ලංකා  පාපන්දු  සංගමයේ  සභාපති  අනුර ද සිල්වා  මහතාගේ  පූර්ණ  අනුමැතිය  සහ  සහයෝගය  ලැබී  තිබුනු  අතර  පාසැල්  ගනනාවක  දරුවන් (11,  12,  13  යන  වසරවල)  135  දෙනෙකු   බඳවා ගෙන  තිබින.  මෙය  වසර  4ක දීර්ඝ  කාලීන  පුහුණු  පාඨමාලාවක්  බව  මෙම  කටයුත්ත  සූදානම්  කරනලද  සංවිධායක  මහතුන්  අප සමඟ  පැවසීය. මෙම  සත් ක්‍රියාව  උදෙසා  මීගමුව  කොට්ඨාශය  තුළ  මැදිහත්ව  ක්‍රියාකළ  නිලධාරීන්  ලෙස  එහි  සභාපති  මහින් ද  විතාරණ  මහතා,  ලේකම්  අජිත්  මහතා,  භාණ්ඩාගාරික  බැග්ඩෑඩ්  මහතා,  උප  සභාපති  ක්‍රිස්ටි  පෙරේරා  මහතා  යන  මහත්වරුන්ගේ  කැපකිරීම  අගය  කළ  යුතුය.මේ  ගැන  අදහස්  දැක්වූ   මහින් ද  විතාරණ  මහතා  ප්‍රකාශකළේ  මීගමුවේ  කොතෙකුත්  දක්ෂ  පාපන්දු  ක්‍රීඩකයින්  සිටියද  මේ  වනවිට  අබලන්  තත්වයක  පවතින  බවත්,  ඒ නිසා  අප ඒ  තත්වය  වෙනස්  කළයුතුව  ඇති  බවත්ය.foot ball 1football 4

ක්‍රීඩාව  දියුණු  සමාජයක    ස්වභාවය  පෙන්නුම්  කරන  කැටපතක්  බඳුය.  සමාජයක්   යහපත්   සහ  නිවැරදි    ගමනක්  යාමේදී  තරුණ  පරපුර  ඉතා  වැදගත්  සාධකයකි. මන්ද  මේවනවිට   අපේ  තරුණ  පරපුර  ක්‍රමයෙන්  විවිධාකාරවූ   සමාජ විරෝධී   ක්‍රියාවන්  කෙරෙහි  ඇදී  යන නිසා   ඔවුන්  නිවැරදි  දිසාවකට   යොමුකිරීම  වැදගත්  කාරණයක්  වන  බැවිනි.  මේ  අනුව   තරුණ  පිරිසට    පාපන්දු ක්‍රීඩාව  කෙරෙහි  ඇල්මක්  ඇතිකරවීම  උදෙසා  ගන්නා  මෙකී  ප්‍රයත්නය   අගය කළ  යුතු  සමාජ මෙහෙවරක්   බව  කිවයුතුය.

මේ සඳහා පහත  සඳහන්  දුරකතන  මාර්ගයෙන්  විමසීම්  කළ  හැක.

0727601787

0777893573

0779739012