බිරිද ඝාතනය කර රටින් පලා ගිය වරදකරුට අධිකරණයෙන් දඬුවම්

0
192

photo_contestසිය බිරිදට වෙඩි තබා ඝතාකය කර රටින් පලා ගිය පුද්ගලයෙකුට මරණ දන්ඩනය නියම කිරීම පසුගිය 20 වනදා  මීගමුව පළාත්බද මහා අධිකරණයේ විනිසුරු එම්.එම්.ඒ ගෆුර්  මහතා විසින් ලබාදෙන ලදී. මෙසේ දඬුවම් ලැබුවේ 1995 ජූලි මස  20 වනදා පහළ මඩම්පැල්ල ප්‍රදේශයේදී සිය බිරිදට වෙඩි තබා රටින් පැනගොස් සිටින වරදකරුවෙකු වන එස්.ඒ. පසන්  රෝහිත ශීරාන් සිල්වා නමැත්තා වේ.  ඒ වන විට අවරුදු 29 වියේ පසුවී ඇති මේ පුද්ගලයා එක් දරු පියෙක් වන අතර යම් හේතුවක් මත සිය බිරිදට වෙඩි තබා ඝාතනය කොට තිබේ. ඉන්පසු ඔහූ රටින් පැනගොස් ඇති අතර අධිකරණයේ දී මෙම ඝාතන නඩුව අවුරුදු ගණනාවක් විභාගය වී ඇති අතර සැකකරුවා මේ වනතෙක් අධිකරණය ඉදිරියේ පෙනී සිට නැත. ඔහු අතින් සිදුවූ අපරාධයට වැරදිකරු කරමින් මෙසේ අධිකරණය විසින් 2013 සැප්තැම්බර් 20 වනදා ඔහුට ජීවිතාන්තය තෙක් සිරදඩුවම් ලබාදෙන ලදී. මෙම පුද්ගලයා ජාත්‍යන්තර මෝටර් ධාවන ශූරයෙකුව සිටි බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here