බීච් පාක් එකේදී තවත් දරුවෙක් මුහුදට බිලිවෙයි

0
126

මීගමුව  ඒත්තුකාලේ  බීච් පාක්  එකේ දී   පිරිමි දරුවෙකු   සරුංගලයක්  හරිමින් සිටියදී  මුහුදට වැටිම හේතුවෙන් ගසාගෙන ගොස් ඇත.ඔහුගේ සිරුර   ඊයේ  වනතුරැත් සොයාගත නොහැකිවී ඇති  අතර අද (2013.08.25 )පාන්දර 5.00ට පමණ  ඒත්තුකාල වෙරළට ගොඩ ගසා  තිබේ..
මෙසේ මියගොස් ්ඇත්තේ හපුආරච්චිගේ තිසරු ලක්සිරි පෙරේරා  නම් 13 හැවිරිදි  පිරිමි දරුවෙකි. ඔහු කැළණිය , ලුවිස් මාවතේ, 283/3 ලිපිනයේ පදිංචිව සිට ඇත,ඒ අවස්ථාවේදී ඔහු සමග පැමිණි පවුලේ සාමාජිකයන් හා හිතුවතුන් වෙරළේ සිට ඇති අතර මෙම පිරිමි දරුවා  සරුංගලය හරිමින් පස්සෙන් පස්සට ගොස් ඇත.නොදැනුවත්ම මුහුදට වැටි ඇති අතර ඔහුව බේරා ගැනිමට කිසිවෙකුටත් නොහැකි වි ඇත.
බිච් පාක් එකේ මේ ආකාරයෙන් සිදුව ඇති අවසානාවන්ත මරණ ගණන අති විශාලය.එහෙත් මෙය පාලනය කරන බළධාරින් විසින් මේ අවධානම් තත්වය සලකා ඒ ගැන මහජනයා දැනුවත් කිරිම සම්බන්ධයෙන් කිසිදු පියවරක්  මෙතෙක් ගෙන නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here