බුදු කුටිය වෙනත් තැනකට ගෙනියන්න – මහ සභාවේ යෝජනාවක් සම්මත වෙයි.

0
91

මීගමුව මහනගර සභාවේ  අද පැවැති මහ සභා රැස්විමේදි එකි භූමියේ දැනට ඉදිවෙමින් ඇති බුදු කුටිය නගර සභා භූමියේ වෙනත් ස්ථානයකට ගෙන යන ලෙස ඉල්ලිමින් එජාප වැඩ බලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි විසින් ගෙන එනු ලැබු යෝජනාව සම්මත විය.

යෝජනාවට  විරැද්ධව  දයාල් නිලංග සහ බන්දුල නාඔටුන්න යන ආණඩු පක්ෂ මන්ත්‍රිවරුන් ජන්දය දි තිබුණ අතර  කපිල නන්දසුලෝචන උපනගරාධිපති සකාවුල්ලා ,යන ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ද ,මුස්ලිස් කොංග්‍රස් මන්ත්‍රි මොහොමඩ්  ඊෂාන් සහ විපක්ෂ මන්ත්‍රින් වන මොහොමඩ් නස්මියාර් ජන්දය දිමෙන් වැලකි සිටියේය.

නගරාධිපති ඇතුළුව පක්ෂ විපක්ෂ මන්ත්‍රින් 18. ක ජන්දයෙන් අද දින මෙම යෝජනාව සම්මත විය.

අද දින සම්මත වු පහත සදහන් යෝජනාවට අනුව මීගමුව නගරයේ ආගමික සහජිවනය අරඹයා කෙබදු තත්වයක් නිර්මාණය වේදෝයි බුද්ධිමත් ජනතාව සිය කණස්සල්ල පළ කරති.

“මහනගර සභා ආඥා පනත පැහැදිලි ලෙසින් උල්ලංඝණය කරමින් හා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගය පවා ඉතා පැහැදිලි ලෙසකඩකරමින් නගර සභා භූමිය තුළ අතිවිශාලව දැනට ඉදිකරමින් යන අනවසර අළුත් බුද්ධ ප්‍රතිමාවේ ඉදිකිරිම් කටයුතු සියල්ලවහාම නැවැත්විය යුතු යැයිද ඒ වෙනුවෙන් සක්‍රියව දායකවි සිටින මීගමුව අභයසේකාරාරාම විහාරපති මීගමුවේ සුමේධ තිස්ස ස්වාමින් වහන්සේට දන්වා යැවිය යුතු යැයිද ,තවද ,ආගමික සහජිවනයක් ඇතිකරලිම වෙනුවෙන් ඇප කැප වි සිටින පළාත් පාලන ආයතනයක් වශයෙන් මීගමුව මහනගර සභාව සතු කිඹුලාපිටිය පාරට මායිම්ව පිහිටි පැරණි ඉඩමේ සුදුසු ස්ථානයක ,පිළිගත් නිත්‍යාණුකූල ක්‍රමවේදයන්ට යටත්ව මෙම බුද්ධ ප්‍රතිමාව ඉදිකළ යුතු යැයිද මෙම ගරු සභාවට යෝජනා කරන්නීය.