බුර්කාව හිජාබය සහ ආණ්ඩුවේ ගොන්පාට් !

0
258

bullfightබුර්කාව තහනම් කළ යුතු යැයි ජනපති කියා තිබුනා. නිති ගෙනඑනවා වැනි යමක්ද ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත් පසුව හඳුනාගත නොහැකි වනසේ මුහුණු ආවරණය කිරිම තහනම් යන කථාවක් ද එලියට ආවේය. ෆුල් හෙල්මට්ද ඊට ඇතුලත් වැනිය.
කෙසේ වෙතත් ඇමති හර්ෂද සිල්වා මේ මුස්ලිම් කාන්තාවන්ගේ හිස්පළදනා පිළිබදව මතුව ඇති ආරවුල හේතුකොට ගෙන එය පැහැදිලි කිරිමේ සටහනක් සිය ට්විටර් ගිණුමේ තබා තිබුණි. harsha
එයට අනුව ඇතැම් මුස්ලිම් කාන්තාවන් පළදින හිස ආවරණය කරගත් හිජාබය යන්න තහනමක් නොවන බව ඇමතිවරයා පැහැදිලි සටහන් තබා ඇත.
තතු එසේ වුවද මේ වන විට කාන්තාවන්ගේ හිස් අවාරණය ගැන පුළුල් සමාජ කතිකාවක් මුහුණ පොත තුල පමණක් පාසැල්වලද මතුව තිබේ.Hijarb
නිදසුනක් ලෙසින් පුවක්පිටිය පාසැලේ දමිල දෙම්ව්පියන් සිය පාසැලේ මුස්ලිම් ගුරුවරියන්ට හිජාබය පැළද පැමිණිමත් නොකළ යුතු යැයි නියෝග කි කථාවක් තවත් ට්විටර් ගිණුමක විය.
මේ අතර මුස්ලිම් කාන්තාවක් විසින් විවිධ රෝගි තත්වයන් වලදි දුවිල්ලෙන් සහ පිටිතින් එන විෂබිජ වලින් ආවරණය විම සදහා පළදින ආවරණයක් ගැනද විශාල කථාබහක් දැන් නිර්මාණය වි තිබේ.
මුළු මුහුණ පොත පුරාම ඇත්තේ මේ ගැන කියැවෙන එකම එක ජායාරුපයක්ද පමණි.මානෙල්1

තතුඑසේ තිබියදි කිසිඳු නිසි විපරමකින් තොරව 2014 වෙනත් රටක ජායාරුප කිපයක් උපුටා ප්‍රචාර කරන මේ ඇතැමුන් අතර මාධ්‍ය වෘත්තියට පවා සම්බන්ධ අය සිටින බව දැනගත් විට හැගෙන්නේ ලැජ්ජාවකි.
අවිද්‍යාවෙන් විද්‍යාව තෝරා ගැනිමට නොදන්නා අය  මාධ්‍යවේදින් සහ මාධ්‍යවේදිනියන් වු රටකට ගොස් ඇති කළ දැන් අපි අගේට අත්දකිමින් සිටින්නේමු.
ආණ්ඩුවද එහෙම පිටින්ම විකාරසහගතය
එහි පුරවැසියන් යැයි අප සිතා සිටි බහුතරයක්ද අවිද්‍යාත්මක ලෙස වෛරිත්වය වපුරමින් සිටිති.
ෆේස් මාස් එකක් දැමිමට නම් සෞඛ්‍යමය හේතුවක් මත වෛද්‍ය නිර්දේශයක් ලබාගත යුතුයැයි කියන කථාද ඇතැම් මුහුණු පොත් ලියා තිබෙනවා දුටිමු.
දුවිලි හෝ විෂබිජ යන කරුණු අරභයා වෙනත් බොහෝ  පුද්ගලයන් මෙසේ නාසය සහ මුඛය ආවරණය කරගෙන ගමන් යෑම  වෙනත් රටවලදි මෙන්ම ගුවන් තොටුපල වලදිද සාමාන්‍ය දෙයකි.,එපමණක් නොව වකුගඩු බද්ධ කර ඇති රෝගින් මෙවන් ආවරණයන් මුළු ජිවිත කාලය පුරාවටම පැළදිය යුතුය යන්න වෛද්‍ය නිර්දේශයයි.
තතු එසේව තිබියදි කව්රුන් හෝ කුමන හෝ හේතුවකට දැමු එක් ජායාරුපයක් පමණක් පදනම් කොට ගෙන අවිද්‍යාව හා මුසුකොට වෛරය වැපිරිමට ඉඩදිය යුත්තේ ඇයි ?
රජය මේ අවස්තාවේ මේවා පිළිබදව ඔවුන් පැහැදිලි ස්ථාවරයන් සහ සෘජු ප්‍රතිචාරයන් කඩිනමින් ප්‍රකාශයට පත්කළ යුතුව තිබේ.එහෙත් අවසනාවට එය එසේ නොවේ .
නුවනක්කාරයෝ නැති තැන මෝඩයෝ පිණුම් ගසනවා යැයි කථාවක්ද  තිබේ.