බොන්න ගත්තු කිරිපැකට් එකේ පණුවෝ නම් ඔබ කළ යුත්තේ කුමක්ද ?

0
196

tmp_6747-IMG_20161117_183103-221431692ආහාර පාන නරක්විම් පිළිබදව පුවත් දැන් අපට නිතර අහන්නට ලැබේ.මෙවන් අවස්ථාවලදි අප වහාම ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන අද බොහොමයක්  දෙනෙකු අතර නිවරදි අදහසක් ඇති බවක් නොපෙනේ .
මේ මාසය තුල පමණක් අප විසින් එවන් සිදුවිම් දෙකක් වාර්ථා කළෙමු.
මේ සිදුවිමක් ස්මැක් පැණිබිම බෝතලයක් පානය කළ නිදහස් වෙළද සේවිකාවක් රෝගී විම සහ ස්වාමිපුරුෂයෙකු  සිය ගැබිණි බිරිඳට රැගෙන ගිය කොත්මලේ කිරිපැකට් එකක පණුවන් සිටිමේ සිදුවිමකි.
මේ සම්න්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගකමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිළධාරියෙකු කියා සිටියේ ආහාර පාන නරක්විමක් හෝ ඒ සම්බන්ධ කරුණකදි අදාල පාරිහෝගිකයා විසින් කළයුතුව ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි (MOH) කාර්යායලට දැනුම් දිමයි.
මීගමුවේදි නම් ඔබ මේ ගැන දැනුම් දිම සදහා  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි තුමාට ඇමතිය හැක. 0718213561
සීදුව ප්‍රදේශයේ නම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමාට මේ අංකයෙන් ඇමතිය හැක. 0713728728.
මේ බොහොමයක් නිෂ්පාදන සමගාම් වලට ඇත්තේ තමන්ගේ සන්නම් නාමයට අගතියක් වන්නේ ද යන ප්‍රශ්ණය පමණි.
ඒ හැරෙන්නට සිය නිෂ්පාදන මිළට ගෙන මෙවන් අපහසුකවකට පත්වන පාරිහෝගිකයාගේ පැත්ත බැලිම සදහා කිසිදු වැඩපිළිවෙලක් මේ බොහෝ අවස්ථාවලදි නොමැත.