බෝම්බ ප්‍රහාරයෙන් මීගමුවේදි මිය ගිය 70 දෙනෙකුගේ පවුල්වලට වන්දි ගෙවිම ඇරඹේ !

0
140

DSC_04713(3)(11.20 am ) ඉකුත් පාස්කු ඉරිදා 21 දින මිගමුව කටුවපිටිය දේවස්ථානයේ දී ඇති වු සිද්දිය සමිබන්දයෙන් මියගිය පුදගලයින් සදහා වන්දි මුදල් පිරිනැමිමක් ඊයෙ 30  දින අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අතින් සිදුවිය
එක් මිය ගිය පුද්ගලයෙකු සදහා රජය විසින් රුපියල් ලක්ෂ 10ක් මුදලක් පිරිනැමිට තීරනය කර ඇති අතර මිය ගිය අවස්ථාවෙදිම අවමංගල කටයුතු කරගැනීම සදහා රුපියල් ලක්ෂයක මුදලක් ම  අවස්තාවේදිම පිරිනමා තිබේ.
තවත් අත්තිකාරමි මුදලක් වශයෙන් රුපියල් ලක්ෂ 3ක් පිරිනැමිමක් ද මෙහිදී සිදුවිය
මියගිය පුද්ගලයින් 70 දෙනෙකු සදහා මුදල් පිරිනැම මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ට හට ලබා දුන් අතර මිය ගොස් ඇති ඉතිරි පිරිස වෙනුවෙන් වන්දි පිරිනැමිම සිදුකළ යුත්තේ කාටදැයි අදාල අනන්‍යතාවය සනාත කිරිමෙන් අනතුරුව අවශ්‍ය ලිපි ලේඛන හා තම මුදල භාරදිය යුතු නිවැරදි භාර කරුවන් සොයා වන්දි ගෙවිමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කලේයDSC_0459
අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශකලේ මෙම අවාසනාවන්ත සිද්දියෙන් මිය ගිය අයට අමතරව එක් තුවාල කරුවෙකුට රුපියල් ලක්ෂපහක උපරිම මුදලක් රජය විසින් ගෙවිමට තිරනය කර ඇති බවත් එම මුදල වෛද්‍ය වාර්ථා අනුව මුදලේ වෙනස් කමක් ඇතිවන බවත්ය.
මෙම අවස්ථාවට අමාත්‍ය රන්ජිත් මද්දුම බංඩාර පාර්ලිෙමින්තු මන්ත්‍රි හර්ෂ රාජකරුණා ඇතුළු දේශපාලන අධිකාරිය සහ  රජ්‍ය නිළධාරින් විශාල පිරිසක් සහභාගි විය
පියපේම මානික්කරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here