භාණ්ඩ 26 ක මිළ ඉහල යද්දි කුකුල් මසුත් ඉහල ගිහින්ද ?

0
157

සැමන්

 

මැතිවරණයක්ද මුව විටේ තබාගෙන භාණ්ඩ 26ක මිළ ඉහල දැමු පාලනයක් ගැන අප මතකයේ නැත.
ඉන් එක් කරුණක් පැහැදිලි වෙයි .
එනම් සිංහල ජාතිවාදයේ පල්ල හොඳින් අත ගා ඒ අන්තවාදය උත්කර්ෂයට නංවා මෙවරත් ඡන්දය ඩැහැ ගැනිම පොහොට්ටුවේ එකම උපාය මාර්ගය වි ඇති බවය.
මේ අතර දැන් කුකුල් මස් වල මිළද ඉහල ගොසිනි.
ගිය සතියේ රු 450ක් වු කුකුල් මස් කිලෝවක් අද රු 550 සිට 650ක් අතර මිළකට විකිණිමට මිගමුව කටුනායක අවට ප්‍රදේශවල කුකුල් මස් අලෙවි කරුවෝ කටයුතු කර ඇතැයි වාර්තාවේ.
එයට පැහැදිලි හේතුවක්ද නැති තරම්ය.
ලබන සතිය වන විට තවත් භාණ්ඩ රැසක මිළ ඉහල යනු ඇත්තේ වැඩිකරන ලද භාණ්ඩ 26 වක්‍ර බලපෑමද හේතුවෙනි.
දැන් ෂැපදැයි අසන්නට කොන්ද පණ ඇති විපක්ෂයක් නැතිකම හේතුවෙන් මහජනයා තවත් පජාතවිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here