”මං පොර”යැයි කියන්න ගිය ලංසා අගමැති ඉදිරියේ ඇනගත් හැටි ?

0
136

MR and NLමීගමුවට අගමැති මහින්ද රාජපක්ෂ පැමිණි අවස්ථාවේදි මිගමුවේත් ගම්පහ දිස්ත්‍රික්කයේත් විශේෂයෙන්ම පොහොට්ටු පාක්ෂිකයාගේ අවධානයට යොමු විය යුතු සිදුවිමක් ඇතිව තිබුණි.
එනම් නිමල් ලංසා විසින් අගමැති මහින්ද රාජපක්ෂවල ලග තියාගෙන කියන්නට යෙදුන මං පොර යැයි ජාතියේ කථාවක් ගැනය.
ඔහු එහිදි කියා තිබුනේ ඔහු  ඉල්ලපු හැම වතාවකම මිගමුව දිනු බවත් ඔහු ඉල්ලුවේ නැති අවස්ථාවලදි මිගමුව පරාජය වුව බවත්ය.
සැබැවින්ම මේ ප්‍රකාශය හරහා ඔහු විසින් ජනපති ගෝඨාව මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂවද දේශපාලනික වශයෙන් හෑල්ලුවට ලක් කර තිබේ.
එනම් පසුගිය ජනපතිවරණයේදි මිගමුව පැරදුනේ ගෝඨාභය රාජපක්ෂ ඡන්දය ඉල්ලු නිසා යැයි ඔහු නොකියා කියයි.
එමෙන්ම 2015 දි මිගමුව පරිදින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉල්ලු නිසා යැයිද ඔහු මෙහිදි නොකියා කියයි.
මෙය සැබැවින්ම දේශපාලනික බරපතල ප්‍රකාශයකි.
තම නායකවන්ද හෑල්ලුවට ලක් කර ඇති ඒ ප්‍රකාශයන් ගැන දැනටමත් පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික් දේශපාලකයන්ගේ අවධානය යොමුව තිබේ.
එහෙත් ඇත්ත කථාව නම් ලංසා මේ ප්‍රකාශය නිසා සිය නායකයන් හෑල්ලුවට ලක්කිරිම නිසා බරපතල පච විමකට දැන් නියමිත බවය.
අනික් කරුණ වන්නේ 2015  පාර්ලිමේන්තු මැතිවරණයේදි නිමල් ලංසා ඡන්දය ඉල්ලා ලබාගත්තේ මනාප 13600 ක් යැයි දැන් ලංසාට මතක නැත.ilegal lansa 8
ඊටත් වඩා විහිලුව වන්නේ මැරයෙකු දුෂිතයෙකු කාන්තාවන්ට ඇසිඩ් ගැසු ජඩයෙකු වු සිය සහෝදරායා වු දයාන් ලංසාව පසුගිය පළාත් පාලන ඡන්දයේදි මාර්කට් කළ නොහැකි නිසා නිමල් ලංසා මැතිවරණ නීතිද උල්ලංඝණය කරමින් සිය පින්තුර සහිත කාඩ් ගසා තමන් වෙනුවෙන් ඡන්දය දෙන්නැයි මිගමුවේද කි බවද දැන් ලංසාට අමතකය.
එවරද ඔහු මිගමුවේදි ඔහු අන්ත ලෙසින් රොයිස් විජිතගේ නායකත්වයෙන් යුතු ක්‍රියාත්මක වු මිගමු එජාපය පැරදුණි.
කොට්ටාශ 29 න් 19 ක් ජයගැනිමට පසුගිය පළාත් පලාන මැතිවරණයේදි එජාපයට හැකි විය.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
නිමල් ලංසා යනු දැන් දේශපාලන සමාජය තුල කල්ඉකුත්වෙමින් යන භාණ්ඩයක් යන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here