මඤ්ඤොක්කහේන සුසාන භූමියේ මලමිනි වලින් ගසා කන භූතයෙක්.!

0
605

CEMTRYMANGOKKAHENA

මඤ්ඤොක්කා හේන සුසාන භූමිය පාලනය වන්නේ මීගමුව නගරසභාවෙනි. මේ අනුව සුසාන භූමි පාලකයා පත් කරන්නේ මීගමු නගරසභාවෙනි. ඔහු වරක් මේසඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසු කම් නැති නිසා අදාල තනතුර සඳහා සුදුසු නැති බවට තහවුරු වී මෙම සේවයෙන් ඉවත්කරන ලදී. නමුත් පසුව නගරසභාවට පත්වූ නගරාධිපතිවරයා විසින් යටකී පුද්ගලයා නැවත සේවයට පත්කර ඇත . ඔහු තම සේවය අනිසි ලෙස යොදාගන්නා බවට ජනතාවගෙන් තොරතුරු ලැබී ඇත .
මේ තනතුර ජනතාවගේ සල්ලි පිල්ලි ගැසීම සඳහා අදාල පරිසරය සැකසීමට ඔහු කටයුතු කරන බව අපට තොරතුරු ලැබී ඇත .
මෙම සුසාන භූමිය තුළ ඒ ඒ කටයුත්ත සඳහා අදාල මිල ගනන් මෙසේය .
*භූමදානය සඳහා -රු. 1000/
*ආදාහනය සඳහා -(නගර සීමාව තුළ) රු.6000/
නගර සීමාවෙන් පිට -රු. 7500/
*සිහිවටන සඳහා – (ව.අඩි 2×2) රු. 25000/
8×4 සඳහා විශේෂ අවසරයක් ලබාගත යුතුය .
අළුත් වැඩියා සඳහා මුදල් අය නොකෙරේ. නමුත් අවසර ගතයුතුය.
මෙම මූලික තත්වය පසෙකලා ⁣මේ සුසාන භුමිය තුල කටයුතු කරන ඇතමුන් තම සිතැඟි පරිදි කටයුතු කරන බව පෙනේ. වලක් කැපීම සඳහා මුදලක් ගත නොහැක .
නමුත් සංතෝෂම් වශයෙන් මුදල් ලැබේ .
ඒවා තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීම සදහා දැන් සුසාන භුමිය තුලත් අමුතුම ආකාරයේ මාෆියාවක් ක්‍රියාත්මක වෙමින් තිබේ.
ඉරිදා , සෙනසුරාදා සහ පෝය දිනවල බිල් කැඩීම සුසාන භූමිය තුළ සිදුවිය යුතු නමුත් එසේ සිදු නොකර සිටීමට දැන් මේ මාෆියාව විසින් කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ලවෙමින් තිබේ.
සියළු දෑ නගරසභාවේ නාගරික කොමසාරිස් ඇතුළු නායකයින්ට රහසක් නොවන නමුත් මේගැන කිසිදු සොයා බැලීමක් නැත .
අප මේ ගැන මීට පෙරද සඳහන් කර ඇති නමුත් එය බලධාරීන්ගේ අවධානයට ලක්වී නැත .අ
අප දක්වා සිටින්නේ මෙවැනි සමාජ විරෝධී කටයුතු ජනතාවගේ පොදු ස්ථාන වල මෙසේ සිදු නොවිය යුතු බවයි.