මට ඒ ළමයගේ මළ ගෙදරට යන්න හිත හදාගන්න බැරි වුණා-කීර්ති පැස්කුවල්

0
124

4661වකුගඩු රෝගයෙන් මියගිය ආදරණීය රසිකාවිය දිනූෂා ගැන කීර්ති පැස්කුවල් සිහිපත් කරයි
වකුගඩු රෝගයකට ලක් වීමෙන් මාස 20ක පමණ කාලයක් රෝගීව සිටි දිනූෂා නම් තරුණියගේ අවසාන මෙහොතේ ඇග් ජනප්‍රිය ගායකයා වූ කීර්ති පැස්කුවල්  ඇය සනසන්නට ගීත දෙකක් ගායනා කිරීම ගැන සංවේදී සිත් ඇති මිනිසුන් මේ දිනවල ස්නේහයෙන් සිහිපත් කරනවා’
මේ සිදුවීම ගැන තම අත්දැකීම් ඉදිරිපත් කරන්නට මේ ආදරණීය ගායකයා ඉදිරිපත් වුණෙA තවමත් සිතෙහි පැතිරගත් සංතාපයකින් යුක්තවයි’
මේක සිද්ධ වුණෙ ජනවාරි 15 වෙනිදා’ මේ දවස්වල මම ටිකක් කාර්ය බහුලයි’ 31 ෂෝ එක නිසා’ හැමදාම ගෙදර එනකොට රෑ දහයත් පහු වෙනවා’ එදා ගෙදර ආවම මට පීටර් රොසයිරො කතා කළා’ අයියෙ කොහෙද ඉන්නෙ”’ දිනූෂ දුවට අසාධ්‍යයි’ ටිකකට රෝහලට ඇවිත් යන්න කියල’ මම කිව්ව මම ආව විතරයි’ දැන් මහන්සියි’ එන්න ටිකක් අමාරුයි කියල’
ෆෝන් එක කට් කරල තිබ්බට මට මෙහෙම කල්පනා වුණා’ මොන තරම් මට අමාරු වුණත් මේ ඉල්ලීම අහක දාන්න හොඳ නෑ මම මගේ තීරණය වෙනස් කළා’ දැන්ම යන්න ඕනි” ලෙඩා බලන්න’ මම රෝහලට යන්න පිටත් වෙනකොට දුවත් යන්න ඇහුව’ මම දුවත් එක්කගෙන යන්න පිටත්වුණේ කොයිකටත් කියල ගිටාර් එකත් අරගෙන’
දිනූෂ දැක්කම මට ගොඩක් දුක හිතුණ’ ඇයට වාරු නෑ’ කතා කරන්න බෑ’ කොඳුරනව’ ඛෙහෙවින්ම දුර්වලයි’ අසරණයි’ දරුවගෙ නෑයො කිව්ව” දුවේ ඔයාගෙ ආසම ගායකය ඇවිත් ඉන්නව කියල ඒ වෙලාවෙ දිනූෂ මා දිහා පුදුම විදිහට බලන් හිටිය’
මම ඇය වෙනුවෙන් කඳුල ඉතින් සමා වෙයන් කියන ගීතය ගායනා කළා’ ඒ ගීතය කියන වෙලාවෙ ඈ ඉතා ආසාවෙන් එය අසා හිටිය’ දිනූෂගෙ මුහුණෙ ඉරියව් වෙනස් වුණා වගේ මට දැණන’
ඊට පස්සෙ මම ඇය වෙනුවෙන් සඳලතා”’ ගීතයත් ගැයුව’ මගේ දුව ඒ ගීතය වීඩියෝ කරන්න ඉල්ලූවත් ඒකට මම ඉඩ දුන්නෙ නෑ’ ඒක හරිම දුක්බර අවස්ථාවක්’ මේක වීඩියෝ කරන්න ඕනි වෙලාවක් නෙවී කිය’ ඒත් වෙනත් අය වීඩියෝ කරනවා මට විරුද්ධ වෙන්න බෑ’
සිංදු දෙකම කියල මම ඇය ළ`ගට ගියා’ ඔළුව අතගාල සනීප වුණාම අපි දෙන්නම එකට සිංදු කියමු කියල කිව්ව’ එයාට අමාරුයි’ කතා කරන්න බෑ’ ඒත් තනනමින් මෙහෙම කිව්ව’ ර්‍ණෂ කසනැ එය්එ ිදබට”ල ර්‍ණෂ අ්බඑ එද ිසබට”  ඒ වචන තමයි  මට අවසානෙට ඇය කතා කළෙ
මම එදා රෑ ගෙදර ඇවිත්’ ඇඳේ ඉඳන් ගොඩක් ඇ`ඩුව’ ඇඳේ ඉඳන් ඒ ළමය ගැන ගොඩක් කල්පනා කළා’ පාන්දර යාමෙ මට නින්ද ගිහින්’ උදේ අවදි වෙලා ෆෝන් එක ඔන් කරාම රොසයිරොගෙ මෙසෙජ් එකක් තිබුණ’ දුව නැති වුණා  ඒ වෙලාවෙ මට දැණුනු වේදනාව කියාගන්න බැරි තරම්’
මට ඒ ළමයගේ මළ ගෙදරට යන්න හිත හදාගන්න බැරි වුණා’ මට ඒ නිශ්චල දේහය බලන්න ශක්තියක් නෑ’ මේ අත්දැකීම මගේ ජීවිතයේ මට කවරදාවත් අමතක නොවෙන සංවේදී අත්දැකීමක්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here