මටත් නොකියා උඹ ගිහිල්ලා

0
226

.එදා මතකද බං කඩ මංඩියේ
හමු උනා උඹ පිං පඩි දිනේ
කහට දෙහෙකුත් අරන් දෙන්නා
ඈදි ගත්තා කඩේ ලඟ බංකුවේ…..

.හරිම පුදුමයි නේද බං එදා අපේ අතීතේ
අද ඉන්න උන් දිහා බැලුවම දුකයි බං ජීවිතේ
අපේ යාඵවො ගොඩක් හැර ගිහිං බං ජීවිතේ
ආයේ මට උඹ හම්බ වෙන්නේ එන පිං පඩි දිනේ
ඇවිත් මං පිං පඩිය අරගෙන එදා වාගෙම බංකුවේ
බලන් උන්නා උඹත් එනකන් අහන්නට දුක සැපේ
කලින් ඇවිදින් යන්න ඇති උඹ එහෙම හිතලා නැගිට්ටේ
මටත් නොකියා උඹ ගිහිල්ලා උඹේ රූපය බිත්තියේ

ශිරන්න පුෂ්පකුමාර
දවසේ කවිය෴(2021,04,24)෴

(රූපය මුහුනු පොතෙන්…..)