මත් උවදුර ගැන දරුවන් දැනුවත් කිරිමට මිගමු පොලිසිය ශා.ආනා විදුහලටත් පැමිණේ..

0
333

.

මත්ද්‍රව්‍ය රටපුරා ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක හැකි සෑම ආකාරයකින්ම එය මැඩපැවැත්විමට පියවර ගැනිම සමස්ත සමාජයම වෙත පැවරි ඇති කිසිසේත්ම අතහල නොහැකි වගකිමක් වි තිබේ.

වාර්තා වන අන්දමට ලංකාවේ පළමු මත්ද්‍රව්‍ය  අත්අඩංගුව ගැනිම සිදුව ඇත්තේද මිගමුවෙනි. ඒ 1982 තරම් ඈත සමයකය. එදා මෙදා තුර කාලයේ ලංකාවේ මත්ද්‍රව්‍ය වැඩියෙන්ම පැතිර යමින් ඇති නගර අතර තවමත් මිගමුව කෙරෙහි වැඩි අවධානයක් යොමුව පවති.

මතින් තොර මිගමුවක් ගොඩනැගිම මිනිස්කමට ආදරය කරන සැමගේ වගකිමක් බව යළිත් අවධාරණය කළ යුතුව තිබේ

මිගමුව පොලිසිය මේ දිනවල මත්ද්‍රව්‍ය නිවාරණය පිලිබදව පාසැල් දරුවන් දැනුවත් කිරිමේ මහඟු කටයුත්තකට මුල පුරා තිබේ.

මේ යටතේ පැවැත්වෙන දැනුවත් කිරිමේ වැඩසටහනක් අද(22) දිනයේද මිගමුව කුරණ ශා.ආනා විදුහලේ සිසු දරු දැරියන් හට පවත්වා තිබුණි.මිගමු තුල පාසැල් දරුවන් මේ මත්උවදුරෙන් බේරා ගැනිම සඳහා හැකි සෑම අයුරකින්ම කටයුතු කිරිම සමාජය වෙත පැවරි ඇති ප්‍රධානතම වගකිමකි.