මත් කුඩු ජාවාරම්කරුවෙක් පොලිස් අත්අඩංගුවෙන් පැන යයි.

0
141

131_handcuffs-vector-lමත්කුඩු ලග තබාගැනීමේ වරදට  වරෙන්නතු ලබා සිටි සැකකරුවෙකු පෙරේදා (2013.08.23)මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු විසින් යම් පෙති වර්ගයක් බී තිබේ. පසුව ඔහුව මීගමුව රෝහලට ගෙනවිත් පොලිස් රැකවරණ මැද රෝහල් ගත කර තිබී ඇත.
(2013.08.25)අද උදෑසන  වෛද්‍ය පරීක්ෂාවකට ලක්කිරීම සඳහා මාංචු ගැලවූ අවස්ථාවේදී  මෙම සැකකරුවා පලාගොස් ඇති බව වාර්තාවේ.
එහෙත්  මේ සම්බන්ධයෙන් මීගමුව රෝහල් පොලීසියෙන්  අප අද සවස විමසා සිටි අවස්ථාවේදී ඔවුන් පැවසුවේ මේ පිළිබදව කිසිවක්  ඔවුන්ට වාර්තා වී නොමැති බවයි.