මත්කුඩු ජවාරම් කරන අයට තරාතිරම නොබලා නිතිය ඉටුකරන ලෙස කාර්දිනල් හිමි ඉල්ලයි !

0
260

 

FB_IMG_1519564901712කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා ඇතුළු පියතුමන්ලාගේ මෙහෙයවීමෙන් අද ( 25 ඉරිදා ) මීගමුවේදී 6000ක පමණ අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් ජන උද්ගෝෂණයක් පැවැත්වින.
මෙහිදී පෙළපාලියක් සහ රැළියක් සූදානම් කර තිබූ අතර ප්‍රථමයෙන් මාරිස්ටෙලා විදුහල අසලින් ආරඹ්භවූ මෙම පෙළපාලිය මත්ද්‍රව්‍ය විරෝධී සටන් පාඨ කියමින් මීගමුව නගරය දක්වා ගමන් කරනලදී. මෙම පෙළපාලියේ විවිධ අදහස් දක්වන මත්ද්‍රව්‍ය විරෝධී පාඨ ලියනලද දැන්වීම් පුවරු, බැනර් විවිධ නිර්මාණ ඇතුලත් අංගෝපාංග දැකිය හැකිවිය. විශේෂයෙන් දොන්බොස්කෝ ආයතනයේ පාලක පියතුමන් වන පිංතු පියතුමාගේ සිසුදරුවන්ගේ නිර්මාන රැසක් දක්නට තිබින.මකරා 3මකරා 2මත් 100කාර්දිනල් 1

මීගමුව ග්‍රීන්පාක් අසල සූදානම් කරතිබූ වේදිකාවක මැල්කම් රංජිත් පියතුමා ඇතුළු පිතුමන්ලාද බෟද්ධ භික්ෂූන් වහන්සේලා සහ වෙනත් ආගමික පූජක වරුද සහභාලීත්වයෙන් රැළිය පැවැත්වින.
මෙම රැළියේදී ප්‍රථමයෙන් අදහස් දැක්වූයේ ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ ප්‍රධානී සමන්ත කුමාර මහතාය. ඉන්පසු කළුවාරිප්පුවේ සුමනරතන හිමි, අක්කර 50 කදසුරිදුගම කතරගම ශ්‍රී අම්මාන් කෝවිලේ සිවරාජන් කුරුක්කන් තුමා, පෙරියමුල්ල මුස්ලිම් පල්ලියේ අබ්දුල්ලා අබ්දුල් රහුමාන් සහ ප්‍රධාන කථිකයා ලෙස අගරදගුරු මැල්කම් රංජිත් පියතුමාද අදහස් දක්වන ලදී.
දේශපාලකයන් පිරිසක්ද මෙයට එක්ව සිටිනු දක්නා ලදි.
මෙවර පොහොට්ටුව  නියොජනය කළ පිරිස  අතුරින් නිමල් ලංසා  දායන් ලංසා  හා සරත් ගුණරත්න පමණක් මෙම පෙරහැරට එක්ව සිටිනු දක්නා ලද අතර වඩාත් විශේෂත්වය වුයේ   මෙවර එජාපෙයන් තරග කර මන්ත්‍රිවරුන් බවට පත්වු සියල්ලෝම මේ පෙරහැරට  එක්ව සිටිමයි.FB_IMG_1519564741102
තවත් විශේෂත්වයක් වි තිබුනේ පෙරහැරේ කාර්දිනල් තුමන් හා සමිපයෙන්ම ගමන් ගන්නට නිමල් ලංසා හා දයාන් ලංසා උත්සාහ ගනු පෙනෙද්දි රොයිස් විජිත ප්‍රමුඛ එජාප මන්ත්‍රි පිරිස සාමාන්‍ය ජනතාව හා එක්ව පෙරහැරේ ගමන් කරනු දැකිමයි.
,මේ පිළිබදව ඉතා නිවරදිව නිරික්ෂණය කළ අය මෙහි වෙනස පැහැදිලිව පවසා තිබුණි.මේ අය අතර ගරු කන්‍යාසොහොයුරියන්ද වු බව සටහන් කළ යුතුමය.

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here