මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව මිගමුවේ පාසැල් දරුවන් දැනුවත් කිරිමට පියවර ගැනේ.

0
419

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබදව පාසැල් දරුවන්ද දැනුවත් කිරිමට මිගමුව පොලිසිය ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන වැඩසටහනක් අද පෙරවරුවේ (20) මිගමුව බෝලවලාන නිමල මරියා විදුහලේදි දැන් පැවැත්වේ.

මත්ද්‍රව්‍ය රටපුරා ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක හැකි සෑම ආකාරයකින්ම එය මැඩපැවැත්විමට පියවර ගැනිම සමස්ත සමාජයම වෙත පැවරි ඇති කිසිසේත්ම අතහල නොහැකි වගකිමක් වි තිබේ.

වාර්තා වන අන්දමට ලංකාවේ පළමු මත්ද්‍රව්‍ය අත්අඩංගුව ගැනිම සිදුව ඇත්තේද මිගමුවෙනි. ඒ 1982 තරම් ඈත සමයකය. එදා මෙදා තුර කාලයේ ලංකාවේ මත්ද්‍රව්‍ය වැඩියෙන්ම පැතිර යමින් ඇති නගර අතර තවමත් මිගමුව කෙරෙහි වැඩි අවධානයක් යොමුව පවති.

මතින් තොර මිගමුවක් ගොඩනැගිම මිනිස්කමට ආදරය කරන සැමගේ වගකිමක් බව යළිත් අවධාරණය කළ යුතුව තිබේ