මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 25 දෙනෙකුගෙන් 3 දෙනෙක් ගම්පහ සන්ධාන ලයිස්තුවේ?

0
189

nilangaදිවයිනේ නම් දැරූ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 25 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුවලින් ඡන්දය ඉල්ලන බව අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති දොස්තර චමීර නිලංග සමරසිංහ මහතා තමා හමුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතිඥවරුන් වෙත දැනුම්දී ඇතැයි තොරතුරු වාර්තාවන බව lankaanews.com  විසින් වාර්ථා කර තිබේ.තවදුරටත් එහි සදහන් වන්නේ ….ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතිඥ සංගමයට අයත් ජනාධිපති නීතිඥ ඩී පී මෙන්ඩිස්, නීතිඥ සංජය ගමගේ ඇතුළු නීතිඥ පිරිසක් ඊයේ අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති දොස්තර චමීර නිලංග සමරසිංහ මහතා හමුව තිබුණේ ඔහු විසින් සකස් කරන ලද මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 25 දෙනාගේ වාර්තාව පිළිබදව සාකච්ජා කිරීමට බවය.
කෙසේ වෙතත් වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පවසා ඇත්තේ අදාළ ලයිස්තුවේ සදහන් ජාවාරම්කරුවන් 25 දෙනාම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින බවයි. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ ලැයිස්තු තමා වෙත ඉදිරිපත් කරන ලද අතර එම ලැයිස්තු වල තමන් කී 25 දෙනා නොමැති බවද ඔහු අනාවරණ කර තිබෙනවා.එම ලයිස්තුව තමන් ජනපති වෙත ඉදිරිපත් කරන බවත් ජනපති විසින් එය ප්‍රසිද්ධ කරනු ඇති බවත් ඔහු මෙහිදී සදහන් කර තිබුණා. මෙම ජාවාරම්කරුවන් අතරින් තිදෙනෙක්ම ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන්නන් බවයි එහිදී හෙලිව ඇත්තේ.
http://lankaanews.com අැසුරෙනි.