මත්පෙති ජාවාරමට එරෙහිව මීගමුවේ අදත් උද්ඝෝෂණ

0
43

මීගමුව තුල ක්‍රියාත්මක මත්පෙති ජාවාරමට එරෙහිව උද්ඝෝණයක් අද පෙරවරුවේ  අක්කර 50 ප්‍රදේශවාසින් විසින් සංවිධානය කර තිබුනේ පසුගියදා අත්අඩංගුවට ගැනුන ව්‍යාජ වෛද්‍යවරයාගේ ඩිස්පැන්සරිය ඉදිරිපිටදිය.
මේ අවස්ථාවට පැමිණ සිටි පාර්ලිමෙන්තු මන්ත්‍රිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එහි සිටි ජනතාවට අමතමින් කියා සිටියේ මේ පළාතෙන් මත්කඩු මුළු මනින්ම ඉවත් කිරිම සදහා ගෙන යන මෙවන් වැඩසටහන් වලට දෙඅත් ඔසවා සම්පුර්ණ සහය පල කරන බවය.
පොලිසිය විසින් විශේෂයෙන්ම මෙම ව්‍යාජ වෛද්‍යවරයාගේ ජාවාරම ඇල්ලිම ගැනද විශේෂ ස්තුතියක් පළ කළ මන්ත්‍රිවරිය පොලිස්පති වරයා විසින් 2013 මත්කඩු ජාවාරම එරෙහිව කටයුතු කිරිමේ වසර ලෙසින් නම් කර තිබිම ගැනද සිය කෘතඥතාවය පළකල සිටියාය.