මන්නාරමේ පියතුමන්ලා ජනපතිට නොකි කථාව….?

0
163

1012413_519121608153368_1957146395_n1014449_519120728153456_1576875609_nමන්නාරම පදවිය යනු ලංකාවේ කතෝලික පදවි අතර සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්ණවලට පුජකතුමන්ලා වැඩියෙන්ම මැදිහත්වෙමින් තිබෙන කලාපය විය හැක.
එහි බිෂෝප්වරාය සැලකෙන්නේ ද එවැනිම අයෙකු ලෙසින්ය.
යුද්ධය නිසා අතුරුදහන්වුවන් පිළිබදව වඩාත් ශක්තිමත් ප්‍රකාශයක් උන්වහන්සේ විසින් වරක කරතිබුණි.
මේ නිසාම ජාතිවාදින්ගේ වැඩිම වෛරයට සහ විවේචනයට පාත්‍ර වු බිෂෝප්වරයා වුයේද ඔහුයි.
එ සියල්ලේ එසේ වෙද්දි හදිස්සියේම මන්නරාම් පදවියේ පියතුමන්ලා වෙත ජනපතිගෙන් ඇරයුමක් ලැබුණි.
ඒ උතුරුපළාත් සභා ජන්දය පැවැත්වෙන බව ප්‍රකාශ කර දින කීපයක් ඉක්ම යන්නටත් පෙරය.
මේ ඇරයුම පිළිබදව කලාපයේ බහුතරයක් පියතුමන්ලා අතර එතරම් මනාපයක් තිබුනේ නැත.
එහෙත් සියළු අමනාපයක් පැත්තකට තබන්නට වුයේ බිෂෝප්වරයා විසින් මේ නම් කරන ලද පියතුමන්ලා මේ ඇරයුම සදහා සහභාගි විය යුතුයැයි  තින්දු කර තිබිම නිසාය.
රිෂාක් බදුදින්  ඇමැතිවරයා විසින් මන්නාරම් දිස්ත්‍රික්කය පුරා ගෙන යන මුස්ලිම්වරුන් සදහා පමණක් සහය දැක්විමේ ප්‍රතිපත්තිය නිසා මේ වන විටත් මේ ඇමතිවරයාට එරෙහිව බිෂොප්තුමන් අාදාල සියළුම බලධාරින් වෙත පැමිණිලි කර තිබෙන පසුබිමක බිෂොප්වරයා මේ ඇරයුම පිළිගෙන තිබුණි.
මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන තම කලාපයේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණ සියල්ල ජනපති හමුවේ තැබිය යුතුයැයි විශ්වාස කළ පියතුමන්ලා කිපනමක්ද මේ පිරිසට අයත්ව තිබුණි.
එහෙත් ජනපතිගේ පුර්ව මැතිවරණ ප්‍රචාරක ව්‍යපෘතියක් සේ සංවිධානය කර තිබු මේ හමුවේදි මේ බොහොමයක් පියතුමන්ලාට තමන්ගේ කථාව කියන්නට අවස්ථාවක් ලැබුනේ නැත.
තමන්ගේ ම වැඩිමහළු පියතුමෙකු රජයට භාරවි තවමත් කිසිදු ආරංචියක් නැතැයි කියන්නට මේ පියතුමන්ලාට ඉඩක් තිබුනේ නැත.
බිෂොප්වරයා විසින් හෙළිදරව් කළ පරිද්දෙන්  යුද්ධයෙන් පසු එක්ලක්ෂයකයටක වඩා වැඩි පිරිසක් සංඛ්‍යාත්මකව ගෙන බලන කල්හි අතුරුදහන්ව ඇතැයි කි කථාව ගැන යළි විමසන්නට මේ පියතුමන්ලාට අවස්ථාවක් තිබුනේ නැත.
සිය උපන්ගමේ පසෙකින් තිබියදි එයට යාබද ගමක ජිවිතය නැවත පටන්ගන්නට සිදුව ඇති මුල්ලිකුලම් ජනතාව ගැන කටක් වත් අරින්නට ඉඩක් තිබුනේ නැත.
හමුදා කඳවුරු වෙනුවෙන් මුල්ලිකුලම් ජනතාව කැපකිරිම් කළයුතුව ඇතැයි යන අාණ්ඩුවේ තිරණයට එරෙහිව ජනතාවගේ ඉල්ලිමට කඩහඩ දෙන්නට වු අවස්ථාව ගිලිහි ගොස් තිබුණි.
ඉන්දියන් ට්‍රොලර් හමුවේ තම රැකියාවට පැමිණ ඇති තර්ජනය ගැන කිසිදු කථාබහක් මේ සාකච්ජා මේසය මතට ආවේ නැත.
හබලක්වත් නැති ජනතාවට නැව් ටෝක් රැසක් සමගින් ආහාරපානද යහමින් වු හමුවක් එසේ නිමාවි තිබුණි.
මන්නාරමට පැමිණි පියතුමන්ලා යළිත් සිය ජනයාගේ සුපුරුදු යථාව හමුවේ සියදූත මෙහෙවර ගලප්පා ගනිමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here