මන්නාරම සමූහ මිනී වලේ කැනීම් නැවත ඇරඹෙයි.

0
96

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවල කැනීම් කටයුතු 106 වන දිනටත් ඊයේ(27) ආරම්භ කෙරිණි. පසුගිය දිනවල එහි කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව ඊයේ දිනයේදී නැවතත් ඒ කැනීම කටයුතු ආරම්භ විය.

මේ වන විට හි කැනීම කටයුතු වලින් මිනිස් සිරුරු 235කට අදා අස්ථි කොටස් හමුවී ඇති අතර සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 229කට අදාළ කොටස් මුද්‍රා තබා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කොට ඇත.

ඒ අතරම ඊයේ දිනයේදී කැනීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා ජර්මානු තානාපති ඇතුළු කාර්යාල නිලධාරීන් තිදෙනෙකුට අවසර ලැබී තිබිණි.