මන්නාරම් ධීවරයෝ , දකුණේ මාධ්‍යවේදීන්ට දුක කියති

0
84

247-new
පසුගිය සැප්තැම්බර් 10 වැනි සෙනසුරාදා දින දකුණේ මාධ්‍යවේදීන් පිරිසක් මන්නාරම ප‍්‍රදේශයේ සංචාරය කළ අතර එහිදී එම ප‍්‍රදේශයේ ධීවර සංගම් වල නියෝජිතයන් පිරිසක් විසින් පවත්වන ලද විශේෂ පුවත් පත් සාකච්ඡුාවකටද සහභාගී වුහ. මෙම පුවත්පත් සාකච්ඡුාව පවත්වන ලද්දේ මන්නාරම් දිස්ත‍්‍රික් ධීවර සමුපාකාර සමිති සංගම් ශාලාවේදීය. එහිදී එම ධීවර නියෝජිත පිරිස ඔවුන්ගේ ගම් ප‍්‍රදේශය වන මන්නාරම ආශි‍්‍රත මුහුදේ මසුන් ඇල්ලීමට බාධා පමුණුවමින් වර්තමානයේ පැන නැ`ගී ඇති ගැට`ඵ හා දුෂ්කරතා පිලිබදව දකුණේ මාධ්‍යවේදීන් දැනුවත් කළහ.
එම ධීවර පිරිස වැඩි දුරටත් පෙන්වා දුන්නේ මන්නාරම මුහුදු ප‍්‍රදේශයට පැමිණෙන ඉන්දීය ධීවර යත‍්‍රා නිසා ඇති වී තිබෙන අහිතකර තත්වය පිලිබ`දවයි. නාවික හමුදාවට හා ධීවර කටයුතු පරිපාලන නිලධාරීන් හට මේ තත්වය පිලිබ`දව කොතෙක් දැනුවත් කළ ද ඉන්දීය ධිවරයින් සිය ටෝලර් යත‍්‍රා සම`ග මෙරට මුහුදු සිමාවට පැමිණ මසුන් ඇල්ලීම අඛන්ඩවම සිදු කරනු ලබන බව ඔවුන් පවසයි. එලෙස මන්නාරම් මුහුදු සිමාවේ මසුන් ඇල්ලීම කරන ඉන්දීය ධීවරයින් තමන් කුඩා බෝට්ටු ම`ගින් මාසිකව අල්ලන මසුන් ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක්  පමන මත්ස්‍ය අස්වැන්නක් ඔවුන් විසින් අල්ලා ගන්නා බව මෙම ධිවර පිරිස පවසති. මේ පිලිබ`දව වතා කිහිපයකදීම ධීවර අමාත්‍යවරයා ප‍්‍රමුඛ අදාළ මැති ඇමතිවරුන් ට පැමිණිලි කලද මෙතෙක් කිසිදු ප‍්‍රතිඵයක් නොලැබී ඇතැයිද ඔවුන් අවධාරනය කරති. එහිදී නාවික හමුදා නිලධාරීන් මන්නාරම් ධීවරයින්ට පවසා ඇත්තේ ජනාධිපතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා හෝ අනුමැතියක් ලබා දෙන්නේ නම් ඉන්දීය ධීවර ටෝලර් යාත‍්‍රා මෙරට මුහුදු සීමාවට ඇතු`ඵ වීම වැලැක්වීම සු`ඵ කාර්්‍යයක් බවයි. කෙසේ වෙතත් ඉන්දීය ධීවරයින් ටෝලර් මගින් මසුන් අල්ලන ආකාරය අනුව මුහුදු පතුලේ ක්ෂුද්‍ර ජීවින් ,මුහුදු පැලැටි ,මත්ශ්‍ය බීජ හා කුඩා මත්ශ්‍ය පැටවුන්ද විනාශ වී යන අතර ආනාගතයේදී මන්නාරම් මුහුද ආශී‍්‍රතව මතස්‍ය අස්වැන්න ක්ෂය වී යාමටද එය අහිතකර බලපෑමක් විය හැකි බවට ද මෙම ධිවර පිරිස අනතුරු හ`ගවති.
එලෙසම මන්නාරම ඇතු`ඵ උතුරේ ධීවරයන්ට අශ්ව බල 25 ඇන්ජින් සහිත බෝට්ටු ලියාපදිංචිය තහනම් කර ඇති අතර දකුණට එය වලංගු නොවේ. එහෙයින් දකුනේ ධීවරයින් උතුරට පැමිණ විශේෂයෙන්ම මන්නාරම් මුහුදට පැමිණ සිය  අශ්ව බල 25 ඇන්ජින් සහිත බෝට්ටු ම`ගින් මසුන් ඇල්ලීම කරනු ලබන නිසා මන්නාරම් ධීවරයන්ට එයින් ද විශාල අසාධාරණයක් සිදු වන බව ඔවුන් මෙහිදී පෙන්වා දෙන ලදී. එබැවින් යුද්ධය නිමාවී වසර 02 ක් පමන ඉක්ම ගිය නිසා උතුරේ ධීවරයන්ටද අශ්ව බල 25 ඇන්ජින් සහිත බෝට්ටු ලියාපදිංචිය කි‍්‍රයාත්මක කර දෙන ලෙස ඔවුන් මෙහිදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. එලෙසම මන්නාරම් මුහුදේ මසුන් ඇල්ලීමට පැමිණ ඇති දකුණේ ධිවරයින් නිසා මන්නාරම් ධීවරයින්ට සිය පාරම්පාරික මාදැල්   කර්මාන්තයද කර ගෙන යාමට නොහැකි තත්වයක් වර්තමානයේදී උද්ගත වී ඇති බවද ඔවුන් පෙන්වා දේ. විශේෂයෙන්ම මාදැල් වලින් මසුන් ඇල්ලීම ස`දහා මන්නාරම් ධිවරයින් විසින් එලනු ලබන රු.200000 සිට රු500000 දක්වා වටිනාකමින් යුත් දැල් දකුනේ ධීවරයින් විසින් කපා රැුගෙනයාම නිසා අද වන විට ගැට`ඵ සහගත තත්වයක් උද්ගත වී ඇතැයි ද ඔවුන් පවසයි.
මෙම පුවත් පත් සාකච්ඡුාවට සහභාගී වු මන්නරමේ ධිවර සංගම් නියෝජිතයෙකු ප‍්‍රකාශ කලේ දැනට ආණඩුව විසින් මුහුදු යන ධිවරයන්ට කි‍්‍රයාත්මක කර ඇති පාස් ( බලපත‍්‍ර ) ක‍්‍රමය නිසා තම
රැකියා කර ගෙන යාමට දුෂ්කර වී ඇති බවයි. රජයෙන් ලබා දී ඇති  බලපත‍්‍ර ක‍්‍රමය නිසා මුහුදේ මසුන් මරන ධීවරයන්ට  බලපත‍්‍ර ක‍්‍රමයකුත්, මුහුදේ බෙල්ලන් අල්ලන ධිවරයන්ට තවත්  බලපත‍්‍ර ක‍්‍රමයකුත් කි‍්‍රයාත්මක වේ.  මසුන් මරන්නට මුහුදු යන ධිවරයා මසුන් නොමැති නම් මුහුදේ බෙල්ලන් අල්ලා ගෙන විකුණා තම වියදම් පියවා ගනී. නමුත් වර්තමානයේ රජය විසින් කි‍්‍රයාත්මක කරන මේ පාස් ක‍්‍රමය නිසා මන්නාරම් ධීවරයන්ට   විශාල අසාධාරනයක් වන බව ඔවුන් එක හෙලා පවසති.
මේ ආකාරයේ ගැටඵ සහ දුෂ්කරතාවන්ගේ බලපෑම හේතුවෙන් උතුරේ විශේෂයෙන්ම මන්නාරමේ ධිවරයන්ට ඇති වී තිබෙන සමාජ ආර්ථික ප‍්‍රශ්න රාශියක් හමුවේ සිය රැුකියා මෙන්ම පවුල් ජීවිතද අවුල් සහගත වී ඇතැයි ඔවුන් අවධාරනය කලහ. ඔවුන් හට සිදු වී ඇති මේ අසාධාරන හා අකටයුතුකම් පිලිබදව දකුණේ ජනතාවද එලෙසම දේශපාලඥයින් ඇතුඵ අදාල බලධාරීන්ද දැනුවත් කර එම ගැටඵ වලට විසදුම් ලබා  දීමට කටයුතු කරන ලෙස එහිදී දකුණේ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීම් කලහ.
මෙම පුවත් පත් සාකච්ඡුාවට මන්නාරම් දිස්ත‍්‍රික් ධීවර සමුපාකාර මව් සංගමයේ නියෝජිත ධිවර සමිති සංවිධාන ගණනාවක ධිවර නියෝජිතයින් සහභාගී වු අතර එය සම්බන්ධීකරණය  කර තිබුනේ ජාතික ධිවර සහයෝගීතා ව්‍යාපාරය මගිනි.227-new233-new

සටහන සහ ඡායා – තුෂාර රොහාන්