මනාප සටනෙන් ලංසා පරදින ලකුණු ? ගම්පහදි සරත් ගුණරත්නට මහින්ද පාර්ශවයෙන් වැඩි ඉඩක් !

0
92

sarath-Mahinda-e1472977040522මැතිවරණයේ මනාප සටන දිනෙන් දින උණුසුම් වෙමින් තිබේ. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ තත්වය වඩාත් උණුසුම් වෙමින් තිබේ.
මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරිමෙන් අනතුරුව දරුණුතම දේශපාලන ප්‍රහාරය ගම්පහදි එල්ලි කරනු ලබුවේ පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග විසිනි.
ඒ හිටපු ජනපති සිරිසේනට එරෙහිවය.
එහෙත් එහි දරුණුමතම දේශපාලන ප්‍රථිපලය දැනටම සෘජු ලෙසින්ම එල්ල වි ඇති පොහොට්ටු අපෙක්ෂක නිමල් ලංසා වෙතය.
දැනටමත් ගම්පහ දිස්ත්‍රික්කයේ බහුතරයක් පොහොට්ටු සංවිධාකයන් නිමල් ලංසා සමගින් විරසහකය. එබැවින් ඔහුට ඒ බොහෝ ආසන වලට යාමට පවා නොහැකි තත්වයක් උදාවි තිබේ.
එවන් පසුබිමක් තුල සිරිසේනට ගෑවුන එකෙකුටවත් මනාපයක් දෙන්න එපා යැයි කියන ප්‍රකාශයත් සමගින් නිමල් ලංසාගේ මනාප සටන දැන් ගම්පහදි අවසන් වෙමින් තිබේ.lansa12
රාජපක්ෂලාගේ පැත්තට ජනපතිවරණයේදි සිග්නල් දැමු නිමල් ලංසා එය අවසන්ව දින දෙකක් ඇතුලත හැරෙව්වේ ජනපති සිරිසේනගේ පැත්තටය.
ඒ නිකම්ම නොවේ යහපාලන රජයේ ඇමතිකමක්ද ලබාගෙනය.
ඒ අනුව ඔහු එම ඇමතිධුරයත් සියලු වරප්‍රසාදත් ලබමින් වසර තුනාමාරක් කල්ගත කලේ සිරිසේනත් සමගින්ය.
එසේ කටයුතු කළ ලංසා නින්දෙන් ඇහැරුනාක් මේන් පසුගියදිනක පෝරුතොටදි කියා තිබුනෙ තමන්ට මිගමුවේ වැඩක් කරගැනිමට නොහැකිවුයේ සරත් ගුණරත්න නිසා බවය.
මෙය පට්ටපල් බොරුවකි. ඇත්ත කරුණ නම් ඔහු යහපාලනයත් සිරිසේනත සමගින් හුරතල් වෙමින් තමන්ගේ හොර ගණුදෙනු වසාගන්නට දැගලුවා මිස මිගමුවේ ජනතාව ගැන නිකමට හැරි බලා තිබුනේ නැත.
කරන ලද සියලු සංවර්ධන ව්‍යාපෘති සියල්ලමද සැබැවින්ම සුදුඅලින්ය.
මේ පසුබිම යටතේ අමාරු කාලවලදිත් පක්ෂය පාවා නොදි කෙලින් සිටගෙන දේශපාලනය කළ සරත් ගුණරත්නට මෙවර ලංසාට අහිමි විමට නියමිත් සි්‍යළු මනාප ලැබිමට වැඩි ඉඩක් තිබේ.
ඒ අනුව සරත් ගුණරත්නට වැඩි සහයක් ගම්පහදි මහින්ද පාර්ශවයෙන් ලැබිමට නියමිත අතර ගෝඨාගෙන් මෙන්ම මහින්ද පාර්ශයෙන්ද දරුණු ලෙසින් කැපි යමින් ඇති නිමල් ලංසාගේ දේශපාලන ඉරණම සැබැ ලෙසින්ම තින්දුවිමට මේ මැතිවරණය බලපානු ඇත.