මනාප සටනෙන් ලංසා පසු බසි …සුදර්ශණි ඉදිරියට ….

0
128

117170897_3079000535550864_5970583934101454166_oමෙවර පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භයේ පටන්ම නිමල් ලංසා සිටියේ දැඩි පසුබෑමකය. එයට ප්‍රධාන හේතුව වි තිබුනේ ඔහුට වත්තලින් හෝ මිගමුවෙන් ස්ථාවර ඡන්ද පදනමක් නොමැතිවිමයි.
සල්ලි විසි කරමින් 2015 දි මුහුණ දුන පාර්ලිමේන්තු මැතිවරණයේදි ඔහුට මිගමුවෙන් ලැබුනේ මනාප 13600 කි. එවකට එජාප සංවිධායකව සිටි රොයිස් විජිත ලංසාට වඩා තුන්ගුණයකටත්  වඩා වැඩියෙන් මිගමුවෙන් එදා මනාප ලබා දි තිබුණි.
2015 දි නිමල් ලංසා ගොඩ ගියේ ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනත් ආසන වලන් ලැබුන මනාප ඡන්ද හේතුවෙනි. එහෙත් දැන් තත්වය වෙනස්ය.ඔහු විසින් පසුගිය දිනක පවසා තිබුණ පරිදි ඔහුට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු ආසන සංවිධායකයන්ගේ කිසිදු සහයක් නැති බවය.
මේ පසුබිම තුල දැනටමත් ඉතා ශක්තිමත් තැනක සිටින පොහොට්ටු සංවිධායකයන්ගේ ආධාරකරුවන් නිමල් ලංසාට මනාපයක් ලබාදිමට කටයුතු නොකරන බව වඩාත් පැහැදිලි වෙමින් තිබේ.
ලංසා දැනටමත් වැටි ඇති තත්වය ගැනද ඉතා හොද තක්සේරුවක් ඇති බැසිල් රාජපක්ෂ එදා මිගමුවේදි ලංසා මනාප 60000 කින් සිය මනාප සටන පටන් ගන්නේ යැයි කියන්නට ඇත්තේද ලංසාට නැති මනාපයක් ගැන ජනතාව ඇති අදහස වෙනස් කරමින් යම් තල්ලුවක් දිමට විය යුතුය.
වෙනත් සැර වල මනාප වලින් 2 කට එනවා යැයි කියා ලංසා අද තම සමිපතයන් හා කියා ඇත්තේ තමන්ට දැන් අවැසිව ඇත්තේ කෙසේ හෝ මන්ත්‍රි කෙනෙක් විමට බවත් බැසිල් රාජපක්ෂ තමන්ට ඇමතිකමක් ලබාදෙන විශ්වාසය ඇති බවත්ය.
අනික් කරුණ වන්නේ වෙනදා තමන්ගේ පුතා මනාප වලින් 2 කට එනවා යැයි ඔට්ටු අල්ලන සිය පියාද මෙවර කිසිදු ඔට්ටුවකට ප්‍රතිචාර දක්වන බවක් නොපෙනේ.ඉන් කියැවෙන්නේ කුමක්ද ?
ලංසා මනාප සටනෙන් පසුබැසි ඇති බව සිය පියාද පිළිගෙන ඇති බව නොවේද ??
මේ අතර උගත් බුද්ධිමත් දේශපාලන පවුල් පරිසරයක් සහිත සුදර්ශණි පසුගිය  අවසන් සතිය තුල මනාප සටනේ පිමි පණිමින් ඉදිරියට එමින් සිටින බවක් ගැන අප විසින් කරන්නට යෙදුන ඉතාමත් සමිප නිරික්ෂණ වලදි පැහැදිලි වෙමින් තිබුණි.
විශේෂයෙන්ම පසුගිය කාලය තුල සමාජ මාධ්‍ය ඔස්සේ සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ විසින් කරන්නට යෙදුන සිය පවුල් පසුබිමේ උගත්කම ගැන තොරතුරු වලට හොද ප්‍රතිචාර ලැබි තිබුණි.
මෙම තත්වය සුදර්ශණිව තවත් ඉදිරියට ගෙන ඒමට බෙහෙවින්ම බලපා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here