මම ඉඩදුන්නේ රජයේ ඊ ව්‍යාපෘතියට -නගරාධිපති කියයි.

0
126

මීගමුව පුස්තකාලයට අයත් අඩ් 45 කින් පමණ සමන්විතව තිබුණු කියවිම් ශාලාවේ අඩි 20 ක පමණ ප්‍රමාණයක් 2011 මැයි 12 වනදා සිට රජයේ ඉ ව්‍යාපෘති කාර්යාලයක් වෙනුවෙන් ලබා දි ඇතැයි අප කළ විමසුකදි මීගමුව නගරාධිපති හර්මන් කුරේරා මහතා පවසා සිටියේය.

මෙසේ අදහස් පළකරන්නට යෙදුනේ පුස්තකාලයට අයත් කියවිම් ශාලාව දැන් අඩි 15 ක කුඩා ඉඩකට සිමාව තිබිම සම්න්ධයෙන් මතුව ඇති ගැටළුව ගැන අප විමසා සිටි අවස්ථාවේදිය.

අප අමතා කථාකළ පාඨකයෙකු ඉතා ආවේගයෙන් යුතුව පවසා සිටියේ කියවිම් ශාලාවේ පසෙක තිබු ප්‍රංශ පොත් අංශයේ වු පොත් සියල්ල නගර සභාවේ ට්‍රැක්ටරයක පටවාගෙන ගොස් පුස්තකාලයේ මුල්ලක දැමිම තමන් තරයේ පිළිකුල්  කරන බවය.