මම ඔය මනාප රේස් එකේ නෑ මට ඕන පාර්ලිමේන්තු යන්න විතරයි- සුදර්ශණි ප්‍රනාන්පුල්ලේ ……

0
63

sudarshaniඇමති නිමල් ලංසා විසින් කරන්නට යෙදුන මනාප වලින් දෙවනියා වනවා යැයි කි ප්‍රකාශය පිළිබදව අප විමසා සිටියේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි ගම්පහ දිස්ත්‍රික්කියේ දෙවනියට මනාප ගත් හිටපු  නියෝජ්‍ය අමැතිනි සුදර්ශණි ප්‍රනාන්පුල්ලේ මැතිණියගෙනි.
ඒ සම්බන්ධයෙන් දුරකථනය ඔස්සේ මිපුර වෙබ් අඩවියට ලබාදුන් පිළිතුරු පහත දැක්වේ…

…..”නෑ ඉතින් ඒක එතුමාගේ අදහසනේ. අපිත් සුභ පතනවා එතුමාට දෙක වෙන්න පුළුවන් වෙන්න කියලා. ඒක අපිට කිසි ගැටළුවක් නැහැ. මොකද මනාප පොරයෙන් එක දෙක හෝ තුන වෙන්න ඕනේ කියා මට කිසිම අදහසක් නැහැ. මගේ අවශ්‍යතාවය වෙන්නේ පාර්ලිමෙන්තු යන එක විතරයි.ඒ මේ රටේ ජනතාව වෙනුවෙන් හා රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වීම සමිබන්දයෙන් යම් කිසි කාර්‍යභාරයක් කරන්න. ඒ නිසා මමනම් ඔය රේස් එකේ නැහැ. මට පාර්ලිමේන්තු යන්න තුබුණනම් ඇති. මොකද මං ගිය සැරෙත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෙවැනියා වුනේ බැසිල් රාජපක්ෂ මැතිතුමාට විතරයි. එක්ලක්ෂ හයදහස් ගාණක මනාප සංඛ්‍යාවක් ලබා ගත්තා. ඒ වෙලාවෙත් මං මේ අනිවාර්‍යයෙන් එක දෙක තුන වෙන්න ඕනේ කියලා හිටියේ නැහැ රේස් එකේ. ඒ රේස් එක දුවන්නේ පාර්ලිමෙන්තු යන්න. අනික එක වුනයි දෙක වුනයි කියලා ලැබුන දේකුත් නෑනේ. මනාප එක්ලක්ෂ අසූහයදාහක් ලැබුනයි කියලා වැඩක් වුනේ නැහැනේ මමත් නිකමම් මන්ත්‍රී කෙනෙක්. පාර්ලිමෙන්තු ගියායින් පස්සේ මනාප සංඛ්‍යාව එච්චර වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා එතුමාට එතනට යන්න පුළුවන් වෙන්න කියලා අපි සභ පතනවා.”