“මම ගියාට පස්සෙ ඔයා ආයෙමත් ආදරේ හොයාගන්න. හැබැයි මම වගේම අපේ බබාලට ආදරේ කරන කෙනෙක්ගෙන්….”

0
86
 INdira 3

“මම ගියාට පස්සෙ ඔයා ආයෙමත් ආදරේ හොයාගන්න. හැබැයි මම වගේම අපේ බබාලට ආදරේ කරන කෙනෙක්ගෙන්….”

කතානායක කරු ජයසූරිය මහතාගේ දියණියක් වන ඉන්දිරා ජයසූරිය Indira Jayasuriya පිළිකා රෝගයකින් එංගලන්තයේ දී මියගියා.

කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය හා දේවි බාලිකා විද්‍යාලවල ආදි සිසුවියකවූ ඇය ආර්ථික විද්‍යා ක්ෂේත‍්‍රයෙන් වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියා.

ඇගේ සැමියාවන මාටින් ඩිකර් ඇයට හමුවන්නේ එහෙදී.

මියයාමට කළින්, පිළිකා රෝගී තත්වයත් තියාගෙනම දරුවෝ දෙදෙනෙකුට මවක් වුණු හැටි, දරුවෙකු වෙනුවෙන් තමන්ගේ ජිවිතයට ජීවත් වීම සඳහා ලැබී තිබූ අවසන් අවස්ථාවත් කැප කළ හැටි මෙන් ම ජිවිතයේ ඉතිරිව තිබූ කෙටි කාලය පවුල වෙනුවෙන් ම ගත කළ හැටිත් ගැන බ්‍රිතාන්‍යයේ dailymail පුවත්පත පල කරපු වාර්තාවක් තමයි මේ.Indira2

2008 වසරේදී පියයුරු පිළිකා රෝග තත්වය වැළඳී ඇති බව ඇය හඳුනාගන්නා විට දරුවන් සිටියේ නැහැ.
දිගින් දිගටම කළ ප‍්‍රතිකාරවලින් පියයුරු පිළිකා රෝග තත්වයෙන් සම්පූර්ණ සුවය ලබාගත් ඇය අයිවීඑෆ් ප‍්‍රතිකාර ක‍්‍රමයෙන් මවක් වෙනවා.

ඇගේ පළමු දරුවා ලෙසට දියණිය තිලිනි පවුලට එකතු වෙන්නේ 2012 දී.

යළිත් අයිවීඑෆ් ප‍්‍රතිකාර සිදුකර 2015 දී ඇයට ලැබුණේ පුතෙක්. ඔහුගේ නම දිලන්.

තමන්ගේ දෙවන දරුවා ලැබීමට ඉන්නවිට තමන් යළිත් පිලිකා රෝගයට ගොදුරු වී ඇතිබව දැනගත්තත් උපදින්නට සිටින දරුවාගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ප්‍රතිකාර පමා කරන්න ඉන්දිරා තීරණය කරනවා.

ඒ වනවිට මේ දරුවා පිළිසිඳගෙන සති 28 ක් පමණයි ගතවී තිබුණේ.

දරු උපත නියමිත කාලයට පෙර සිදුකර ප්‍රතිකාර සඳහා යොමු වීමට ඉන්දිරාට හැකියාව තිබුනත්, මවු කුසේ සිටින අවසාන මාස කිහිපය දරුවාගේ ජිවිතයේ තීරණාත්මක කාලයක් නිසා ප්‍රතිකාර පමා කරන්නට ඇය ගත තීරණය දරුවාට යහපතක්. එහෙත් එයින් වූයේ ජිවත් වීමට ඇයට තිබු අවස්තාව අහිමි වීමයි.

දරු උපතින් සතියකට පසුව දෙවන වරට ප්‍රතිකාර සඳහා යොමුවනවිට පිළිකාව සුවකළ නොහැකි තරමට වර්ධනය වී තිබුණා.

තමන්ට ජීවත්වීමට ඇති කෙටි කාලය තම පවුලට හැකි උපරිමයෙන් ම ආදරය දීමට යොදාගත් ඉන්දිරා, රෝහල්ගතව සිටින විට පවා තම ආදරණීයයන් වෙනුවෙන් යුතුකම් ඉටුකළා.

මේ කතාව බ්‍රිතාන්‍යයේ dailymail පුවත්පත වාර්තා කර තිබුණේ නිර්භීතබවේ සහ ආදරයේ කතාවක් ලෙසටයි.

ඇගේ අවසන් කටයුතු වෙනුවෙන් කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පවුලේ අය එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඇගේ අවසන් කටයුතු ඇගේම ඉල්ලම පිට එංගලන්තයේ කෙන්ට්හි බෘම්ලි ගම්මානයේ ඇගේ නිවසේම සිදු කිරීමට නියමිතයි.

ඉන්දිරා තම පවුලට හා සැමියාට දැක්වූ ආදරය කෙතරම් ආත්මාර්ථයෙන් තොරද යන්න දැක්වෙන, ඇය විසින් ඇගේ සැමියා අමතා සිදුකළ ප්‍රකාශයක් dailymail පුවත්පත වාර්තා කර තිබුණා.

“මම ගියාට පස්සෙ ඔයා ආයෙමත් ආදරේ හොයාගන්න. හැබැයි මම වගේම අපේ බබාලට ආදරේ කරන කෙනෙක්ගෙන්….”Indira 1