”මම ගියේ ජර්මනියේ සංචාරක ප්‍රවර්ධන ප්‍රදර්ශනයකට” ඇමති ලංසා කියයි.

0
71

මීට සුළු මොහොතකට පෙර මීපුර වෙබ් අඩවියට ජර්මනියේ සිට ඇමතුමක් ලබාදෙමින් බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා පවසා සිටියේ තමන් ජර්මනියට පැමිණ ඇත්තේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට බවය.
තමන් ජර්මනිය බලා පිටත්වුයේ පසුගිය 24 වනදා බවත් ඒ වනතුරුත් තමාට අල්ලස් දූෂණ කොමිසමෙන් කැදවිමක් කර නැති බවද පවසා සිටියේය.
තමා මාර්තු 4 වනදා තෙක් ජර්මනියේ රැදි සිටින බවද කියා සිටියේය.
එමෙන්ම තමා දැන් කිසිදු වත්කමක් නැති අයෙකුගේ තත්වයට පත්ව ඇති බවද තමන් කළේ තමන් සතු ධනය ජනතාව අතර බෙදාහැරිය බව යැයිද කියා සිටියේය.
එමෙන්ම ඇමතිවරයා අවසාන වශයෙන්   කියාසිටියේ දැනටමත් කෝටි ගණන් සල්ලි හම්බ කල දේශපාලකයන් ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින බවය.
කෙසේ වෙතත් අප වෙත ලැබුන විශ්වාස කටයුතු ආරංචි මාර්ග දක්වා සිටින්නේ අල්ලස් කොමිසමේ පැමිණිලි විමර්ශනය අද දිනයේ පැවැත්විමට නියමිතව තිබුන බවය.