මම තාමත් සජිත්ගේ …?????

0
168

roseමෛත්‍රි පාලනයක් සදහා වු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ පුද්ගලයෙක් නොව ප්‍රතිපත්ති මාලාවක් දිනවිමය.පොදු වැඩපිලිවෙලක් රටට දායද කිරිමය.
එවන් පොදු අරමුණකදි එක්සත් ජාතික පක්ෂයේ ජවය ඛණ්ඩනයකට ලක්කරමින් ඇතැම් දේශපාලකයන් සිය පුද්ගලික න්‍යාය පත්‍රයන් ඔසවා තබන්නට යෑම රාජපක්ෂ පාලනයට එරෙහිව ශක්තිමත් ආණ්ඩු විරෝධයක් සමාජ ගත කරගන්නට මහත් වු බාධාවක්ම විය.
මේ පිලිබදව මේ රටේ බුද්ධිමත් ප්‍රගතිශිලි ජනයාගේ තාර්කික විරෝධය සෘජුව එල්ලවුයේ සජිත් ප්‍රේමදාස වෙතය.
එහෙත් ඔහු තවමත් සිය සහකරුවන් සහ සහකාරියන් මගින් මේ හදන්නේ නැවත වටයකින් සිය පුද්ගලික න්‍යාය පත්‍රය ඔසවා තබන්නටද ?
ජනවාරි 01 වෙනිදා කටාන ආසනයෙ පැවැත්වෙන මෛත්‍රි රැළිය සදහා වු ප්‍රචාරක දැන්විම් හි සජිත් ප්‍රේමදාසගේ රූපය ඇතුලත් වන්නේ කිනම් පදනමකින්දැයි බුද්ධිමත් එජාප පාක්ෂිකයා ප්‍රශ්ණ කරති.
කටාන ආසන සංවිධායිකා රෝස් ප්‍රනාන්දු මහත්මිය බුද්ධිමත් එජාප පාක්ෂිකයාගේ මේ පැනයට පිලිතුරු දිය යුතුව තිබේ.