මාස්ටර්ගේ නම – ඇන්ටන් ග්‍රෙගරි
ගම – මීගමුව
පාසැල් ගියේ – වැල්ල වීදියේ දමිළ විදුහලට තමයි මම මුලින්ම ගියේ. එහේ ඉගෙනගෙන සීනියර් වලට ඉගෙන ගන්න පෙරියමුල්ල ලොයෙලා විදුහලට ගියා.
දැන් වයස කීයද? අවුරුදු 58 යි.
චිත්‍රපට කලාව ගැන උනන්දුවක් ඇතිවුණේ මොන කාලෙද?
මට අවුරුදු 19 – 20 කාලේ. එතකොට මම සීනියර් වලට ඉගෙන ගන්නවා. හරි ආසයි චිත‍්‍රපට වලට. ඉතින් ආරංචියක් ලැබුණා මීගමු වෙරළේ චිත‍්‍රපටියක් රූගත කිරීම් කරනවා කියලා. අපි කොල්ලෝ කට්ටිය එකතු වෙලා ගියා එ්ක බලන්න. එතකොට මස්තාන් මහත්මයාගේ ‘‘ධීවරයෝ’’ චිත්‍රපටියේ රූගත කිරීම් තමයි කළේ. සන්ධ්‍යා කුමාරි කියන නිළිය, ‘‘සතුටක් සොයා’’ කියන ගීිතය කියමින් රඟපාමින් සිටියා. සෙනඟ පිරිලා. මට හරි ආසාවක් තිබුණා මේ කර්මාන්තයට එකතු වෙන්න. මම මස්තාන් මහත්මයාට කතා කළා. මම මෙහෙම ඉගෙන ගන්න කෙනෙක්. මම ආසයි මේ කලාවට. සම්බන්ධ කර ගන්න හැකිද? කියලා. මහත්මයා මගෙන් විස්තර අහලා, ඇහුවා භාෂා කීයක් කතා කරන්න හැකියාව තියෙනවාද කියලා. මට එ් වෙනකොට භාෂා තුනම (සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි) කථා කරන්න පුළුවන්. මම කිව්වා භාෂා තුනම කියලා. පස්සේ මගේ ලිපිනය ඉල්ල ගත්තා.
එතකොට මුලින්ම සම්බන්ධ වුණේ?
එයාලගේ උවමනාව තිබුණේ භාෂා පරිවර්ථකයෙකු ගන්න. හියුගෝ මාස්ටර් අත මට එන්න කියලා පණිවුඩයක් එවලා තිබුණා, විජය චිත‍්‍රාගාරයට.
චිත්‍රපට කීයක සහාය අධ්‍යක්‍ෂණය කළා ද?
චිත්‍රපට 43 ක. මස්තාන් මහත්මයා, ලෙනින් මොරායස්, නීල් රූපසිංහ, ටයිටස් තොටවත්ත, අරුණ ශාන්ති, තිමති වීරරත්න, ගාමිණී පොන්සේකා වැනි අධ්‍යක්‍ෂක මහත්වරු යටතේ මම වැඩකළා.
චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරන්න හිතුවේ නැද්ද?
මම චිත්‍රපට 6 ක් අධ්‍යක්‍ෂණය කළා. ‘‘යළි පිපුණු මලක්’’ (කලූ-සුදු), ‘‘සංඛපාලි’’, ‘‘කිරි සුවඳ’’, ‘‘පාරමිතා’’, ‘‘සූර සරදියෙල්’’ යන චිත්‍රපට. මෙම චිත්‍රපට වලින් ‘‘පාරමිතා’’ චිත‍්‍රපටියේ හොඳම සහාය නළුවා හැටියට රවීන්ද්‍ර රන්දෙණියට සරසවි සම්මාණ ලැබුණා. ‘‘සූර සරදියෙල්’’ චිත‍්‍රපටියේ හොඳම සහාය නළුවට හිටියට සුගත් ප‍්‍රසන්නට සම්මාන ලැබුණා.
ඔබට ලැබුණ සම්මාන ගැන ?
මට මුලින්ම ලැබුණේ1984 කතෝලික සිනමා පර්ෂදයෙන්. 1980 බ‍්‍රයිටින් කියන දෙමළ චිත‍්‍රපටයට දැක් වූ සහාය වෙනුවෙන්, 1989 මීගමුව නගර සභාව මගින් සංවිධානය කරපු කලාකරුවන්ට උපහාර පිදීමේ උත්සවයේ දී මට නැසීගිය ප්‍රේමදාස ජනාධිපතිතුමා අතින් 40 වසරක කලා ජීවිතයට උපහාර ලැබුණා.
1991 කාර්දිනල් කුරේ මධ්‍යස්ථානයේ දී මීගමුව කලාපීය කලාකරුවන්ට සම්මාන ලැබුණා. 1998 පෙරියමුල්ල විදුහලේ දී මට වැඩිම චිත්‍රපට ගණනක සහාය අධ්‍යක්‍ෂක ලෙසින් කටයුතු කිරීම වෙනුවෙන් කතෝලික සිනමා පර්ෂදයේ ගරු සිරිල් ගාමිණී පියතුමා මගින් සම්මාන ලැබුවා. 1999 අගුරුකාරමුල්ල ‘‘තිසර’’ කලා සංගමය විසින් කලාවට සේවය කළ සේවය වෙනුවෙන් සම්මානයක් ලබා දුන්නා.
මේ වෙනකොට තියෙන චිත්‍රපටි කලාව ගැන මොකද හිතෙන්නේ?
එ් ගැන නම් කණගාටුයි. නිර්මාණ බිහිවෙන්නේ නැහැ. එ් වගේම මේ නිර්මාණ කරුවෝ හිතන්න ඕනෑ මේ නිර්මාණ පෙන්වන්නේ මිනිස්සුන්ට බව. මාසෙකට හරි සැරයක් අවුරුද්දකට හරි සැරයක් පවුලක් හැටියට මිනිස්සු යනවා චිත්‍රපටි බලන්න. එ් යන බාල ළමයාගේ ඉඳලා මහල්ලා දක්වා අයට මේ නිර්මාණ තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනෑ. රස විඳින්න පුළුවන් වෙන්න ඕනෑ. නමුත් අපේ චිත‍්‍රපටය කාටත් නොතේරෙන එකක් නම් වැඩක් නෑ. මිනිස්සුන්ගේ ජීවිතයටයි අපි අපි කථා කරන්නේ. දැන් සිනමා ශාලාවෙන් එළියට එන මිනිස්සු හෙම්බත් වෙලා. එක්කෝ ඔළුවෙ කැක්කුම. ඉස්සර චිත‍්‍රපටි බලලා එළියට එන්නේ කොහොමද? චිත්‍රපටියේ සින්දු කෑල්ල කිය කියා. එහෙම නැතිනම් දෙබස් ඛණ්ඩයක් කිය කියා. එ් තරමටම එ් චිත්‍රපටිය සමීප වෙලා. එ් සිංදුවත් කාලයක් යනකල් අමතක වෙන්නේ නැහැ.
මේකට හේතුව?
මේ විෂය ඉගෙන ගන්නේ නෑ. හින්දි කොපියක් කරනවා. හින්දි නළුවා වමතින් තේ එක බොනවා නම් ලංකාවේ නළුවොත් වමතින්ම තමයි තේ එක බොන්නේ. එ් තරමට අපි පහළට වැටිලා. එ් දවස්වල ඉන්දියාවේ මනුස්සයා ධීවරයෝ කළා. ලංකාවේ ජීවිතයට අනුගත කරලා. කෝ? පට ලැවිල්ලක්.
අලූත් නිර්මාණකරුවන්ට ඔබට මොනවද කියන්න තියෙන්නේ?
ඉගෙන ගන්න. මේ විෂය ගැන ගවේෂණය කරන්න. මිනිස්සුන්ට පණිවුඩයක් දෙන නිර්මාණ බිහි කරන්න. හැමදෙනාම එකතුවෙලා දන්නා දේවල් බෙදාගෙන හොඳ දෙයක් බිහිකරන්න. මම දැන් වැඩට හවුල් නොවුණත් ඉගෙන ගන්නවා. ගවේෂණය කරනවා. මෙරට විතරක් නෙමෙයි, පිටරට දේත් කියවනවා. අපිට තව කොච්චර දේ ඉගෙන ගන්න තියෙනවාද?