අර මුහුණ දි ඇති අර්බුදය හමුවේ බහුතරයක් දේශපාලකයන් නිහඩව සිටිද්දි රංජන් රාමනායක, පාලිත තෙවප්පෙරුම සහ විශේෂෙයන්ම ජවිපෙ රතු තරුව අති විශේෂ මෙහෙයුමක යෙදෙමින් සිය ජනතා මෙහෙවර ඉටුකරමින් සිටිති.
මේ අතර පසුගිය දා මාදිවෙල පාර්ලිමේන්තු නිවාස සංකිර්ණයේ මුරපොල අසලදි රංජන් රාමනායක හා එක්ව මේ බඩු බෙදිමේ මෙහෙයුමේ සිටි ඔහුගේ හිතවතෙකුට රංජන් රාමනායකගේ නිවසට ඇතුලු විමට ඉඩ දිය නොහැකි බව පවසමින් සිදුකරන්නට ගිය බාධා කිරිමේදි කරුණු පැහැදිලි කිරිමට මැදිහත්වු රංජන් රාමනායක පොලිසියට බාධාකළා යැයි පොලිසිය විසින් කියා සිටිම නිසාම මේ මස 20 වනදා දක්වා බන්ධනගාර ගත කොට ඇත.
මේ පිළිබදව මේ වන විටත් සමාජ මාධ්‍ය තුල පුළුල් සංවාදයක් මතුව ඇත.
එහිදි හෙළිදරව්වි ඇති කරුණු අනුව සැබැවින්ම රංජන්ගේ සහයට බඩු බෙදිමට යැමට පැමිණ හිතවතාට ලබන මස 20 වෙනිදා දක්වා වලංගු ඇදිරි නිති බලපත්රයක්ද හිමිබව මේ වන විට මේ සංවාදයන් තුලදි හෙළිදරව් වි තිබේ.
මේ අතර 20 දක්වා බන්ධනාගාරගත කිරිමට සදහා රංජ්න් රාමනායකව බන්ධනාගාර බස්රථයෙන් ගෙන යමින් සිටියදි මාධ්‍යවේදින් හට අවසන් වශයෙන් කියා සිටියේ හිරෙන් ආපු ගමන් මම ආයෙ බඩු බෙදන්නට පටන් ගන්නවා යැයි කියාය.