මරණයට ගෙවන්න රු 5000 නැති මහනගර සභාව නගරාධිපතිගේ හිතවත් කොන්ත්‍රාත්කරුවන්ට චෙක් ලියයි ?

0
155

NGB MCපසුගිය මහසභාවේදි මිගමුව නගරාධිපතිවරයා විසින් කියන්නට කරුණු වලින්  හෙළිව තිබුනේ මිගමුව මහනගර සභාව දැවැන්ත මුල්‍ය අර්බුදයක සිටින බවය.
තවත් නිශ්චිත කරන්නේ නම් මෙතෙක් මරණාධාර ලෙසින් ගෙවන්නට යෙදුන රු 5000 ක මුදල පවා දැන් මුදල් නැති කම නිසා නවතා දමා ඇත.
තතු එසේ වුවද පසුගිය දිනක චෙක් ලිවිමේ කටයුතු කරනු ලබන නිළධාරිණියව වාහනයක් යවා ගෙන්වා ගෙන නගරාධිපතිගේ ප්‍රධානතම සමිපතම කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු හට ලක්ෂ ගාණක මුදලක් චෙක් පත්වලින් මුදා හැර තිබේ.
මේ සෑම කොන්ත්‍රාත් ගණුදෙනුවකින්ම නගරාධිපතිලාටද සම්තින් ඇති බව මුලු රටේම දැන් ප්‍රසිද්ධ රහසකි.