මීගමුව දළුපත මරදාන නම්වූ ප්‍රදේශයේ තරුණ පිරිසක් විසින් සංවිධානය කරනලද වීදි නාට්‍යක් මෙම මස 23දා රාත්‍රි 8.00ට සුමේධ
මහතාගේ නිවස අසලදී ප්‍රදර්ශනය කරන ලදී. එහි නම වූයේ පියපුතු සෙනෙහස නොහොත් භූතාත්මය යනුවෙනි. මෙම තරුණ පිරිස යම්
අවබෝධයකින් සහ හැගීමකින් මෙය සංවිධානය කර තිබින. 300කට වැඩි පිරිසක් සහභාගීවූ මෙම සංස්කෘතික කටයුත්තේදී පොල්තෙල් පහණ දැල් වූයේද මෙම තරුණ පිරිස අතරම සිටින වැදගත් මහත්ම මහත්මීන් කිහිප දෙනෙකි.
නාට්‍ය ආරම්භ කිරීමට පෙර මෙම නාට්‍ය කණ්ඩායම විසින් ඉදිරිපත් කරනලද ඉතා රසවත් ගීත කිහිපයක් සහ විශේෂ කලා කරුවෙකු
විසින් ඉදිරිපත් කරනලද ඇග කිළිපොලා යන දර්ශන කිහිපයකුත් නිසා මෙම වැඩසටහනට එමගින් ආලෝකයක් ලැබින. නාට්‍ය ආරම්භවූයේ රාත්‍රි 10.00ට පමණය. නාට්‍යද මිනිසුන් හිනා ගස්සන විනෝදාත්මක එකක්වූ අතර එහි යම් ආදර්ශයක්ද ගැබ්වී තිබින.
මෙය වෙනත් අයට ආදර්ශයක් ගතහැක්කකි. මන්ද අද සිදුවන්නේ කොහේ හෝ තැනක් තෝරාගෙන සංගීත සංදර්ශනයක් යැයි කියමින් මහ රාත්‍රියේඅවට සිටින ජනයාටද කරදරවන අන්දමින් කරන සංගීත සැන්දෑවල්ය. මේවායේ විශාල බපල්ස් නිසා කිසිවෙකුට ඒවා අසාසිටිය නොහැක. ඇසෙන්නේ එකම ගාලගෝට්ටියකි. මාස 2,3 කිරි දරුවන් මරහඩ දී හඩන නිසා ඔවුන් මේ හඩ නැති කොහේ හෝ තැනකට රැගෙන යායුතුය. මෙය සිදුවී ඇති අත්දැකීමක සටහනකි.
නමුත් ඉහතකී කලා කටයුත්ත කිසිවෙකුට කරදරයක් නැති පැමිණ සිටි පිරිසට විනෝදය සහ අවබෝධයක්ද ලබාදුන් අවස්ථාවක් විය. මේ අර්ථයෙන් අපි මෙම සංස්කෘතිකාංගය අගයකරන අතර ඉදිරියටත් මෙවැනි දෑ මීටත් වඩා හොදින් කිරීමට හැකියාව ලැබේවායැයි පතන්නෙමු.