මර්ධනය ක්‍රියාත්මකයි! ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයක ! සජිත් පිළ බල පොරයක ?

0
111

sajithtවත්මන් පාලනය ඉතා සුක්ෂම ලෙසින් මර්ධනය ක්‍රියාත්මක කිරිමට පටන් ගෙනය. එහි ප්‍රධාන ප්‍රහාරයන් මේ වන විට එල්ලවෙමින් ඇත්තේ මාධ්‍යවේදින්ට සහ ඇතැම් සිවිල් ක්‍රියාකාරින්ට මෙන්ම ප්‍රගතිශිලි නිතිඥයන් වෙතය.
මේ පසුබිම තුල දැනටමත් මේ ක්ෂේත්‍රයේ බහුතරයක් දෙනා ස්වයං වාරණයන් පණවාගෙන කටයුතු කරන්නට පටන් ගෙනය.

මර්ධනයට පෙරළා ප්‍රතිචාර දැක්විම සදහා කිසිදු සක්‍රිය දේශපාලනය බලවේගයක් මේ මොහොතේ ලංකික දේශපාලනය තුල නැත.

සජිත් පිළ සිිටින්නේ බලුපොරකය.ඒ නායකත්වය වෙනුවෙනි.සජිත් ඇතුළු ඒ පිළේ බහුතරයක් කවදත් එහෙමමය.
2009 දි රාජපක්ෂ රෙජිමය විසින් දැවැන්ත මර්ධනයක් උතුරු දකුණු බේදයකින් තොරව මුදාහරිද්දි සජිත් පිළ එදා සිටියේදි රනිල්ට එරෙහිව ය . ඒ හැරෙන්නට රාජපක්ෂ රෙජිමයට එරෙහිව ජනයා පෙළගස්වා ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනිමට කිසිසේත්ම සජිත් හෝ ඒ පිළේ අතිබහුතරයක් කටයුතු කළේ නැත.
බාහුලා පමණක් නොව සිරිතුංගලාද සිවිල් ක්‍රියාකාරින්ද මාධ්‍යවේදින්ද එදා ප්‍රජාතන්ත්‍රවාදි අරගලය ඉදිරියට ගෙන ගියේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහවද පෙරටු කොට ගෙනය .
මේ නිසාම අතටත් ඒ අත්දැකිම මත අචාර්ය වික්‍රමබාහු සජිත් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනිමේ අරගලය සිටිය යුත්තේ සජිත් නොව රනිල් බව ප්‍රසිද්ධියේම කියා සිටියි.

සජිත් ජනපති කරවිම සදහා ක්‍රියාත්මක වු අරගලයේදි ඊට දායකත්වය සැපයු සිවිල් හා වෘත්තිය සමිති ක්‍රියාකාරින්ට තුතිය පළ කිරිමට කැදවා තිබුණ විශේෂ රැස්විමකදි එජාප නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ අපේ සැලැස්ම ක්‍රියාත්මක වුණි නම් අප හමුවන්නේ වෙනත් තැනක යැයි කිමේ තුල ඇති හැඟවුම සජිත්ගේ පරාජය ගැන කදිම විවරණයක් සපයා දි තිබුණි.

රටතුල මර්ධනය ක්‍රියාත්මක කරමින් තිබියදි එයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සදහා වු අරගලය ශක්තිමත් කරනවා වෙනුවට එජාප නායකත්වය දිනාගැනිම සදහා දැන් සජිත් පිළ රටපුරා රැස්විම් පවත්වන්නට සුදානම් වෙමින් සිටිති.

ලබන අඟහරුවාදා කොළොන්නාව ආසනයෙන් එම රැස්වීම් මාලාව ආරම්භ කිරීමට නියමිතය. මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය නගා සිටුවීමට නම් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබාදිය යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.
පොල්කට්ටකින් වසා ගත හැකි නායකයෙකු එජාප නායකත්වයට ගෙන ඒම සදහා වන කිලි මහරාජාගේ කුමන්ත්‍රණය දිගටම ක්‍රියාත්මකය.
ඒ වෙනුවෙන් සජිත් පිළතුල ක්‍රියාත්මක ඇතමුන් සැබැවින්ම මේ මොහොතේ දැන හෝ නොදැන කරන්නේ රට තුල මර්ධනය ක්‍රියාත්මක කරවිමට පහසුකාරයන් සේ කටයුතු කිරිමය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here