මරා දැමු පාසල් ගුරැවරියගේ අවසන් කටයුතු සැප් -28 වනදා

0
42

පසුගියදා අභිරහස් ලෙස මරාදැමූ දළුවකොටවු ප්‍රදේශයේ කාන්තාවගේ දේහය ඊයේ නිවසට රැගෙන ආ අතර මෙම මරණය සම්බන්ධයෙන් රාගම රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය අංශය මගින් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් වී ඇත.  එය විවෘත තීන්දුවක් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර  එම වාර්තාවට අනුව එම මරණය සිදුවී ඇති ආකාරය හෝ මරණය සිදුවීමට හේතු නිශ්චිත හා ස්ථීර ලෙස ප්‍රකාශයට පත්කොට නැත.  ඒ මරණය පිළිබදව ස්ථීර නිගමනයට එළඹීම සදහා ශරීරයෙන් ගත් යම් යම් කොටස් පටක පරීක්ෂණයක් සදහා මේ වන විට  වෛද්‍ය පර්ෂේණ ආයතනය වෙත  යවා  ඇති බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.  ඇයගේ  මෙම දේහය සීල් තබා ඇති අතර අවසාන කටයුතු  2011 -09-28 වන දින සිදුකිරීමට නියමිතය.