මරා දැමූ ගවයින්ගේ කොටස් පෙරියමුල්ලට ආවේ කොහෙන් ද?

0
72

ඊයේ ඔක්තෝම්බර් 29 වනදා මීගමුව පෙරියමුල්ල සෙල්ලකන්ද ප්‍රදේශයේ ගොඩගැසී  ඇති  කුණු ගොඩක් පිළිබදව  ප්‍රදේශයේ ජනතාව විසින් විරෝධයක් මතුකරන ලදී. මෙම කුණු හා සත්ව අපද්‍රව්‍ය ගෙන දමන ස්ථානය පිහිටා ඇත්තේ පෙරියමුල්ල ඩිපෝවට යාබද හිස් ඉඩමක වන අතර එම ඉඩම ඩිපෝවට අයත්වේ. ඒමෙන්ම මේ අසලින් ‍’දෙපා ඇලද ‘ ගලා යයි. කාලයක සිට මෙම ස්ථානයට විවිධ පුද්ගලයින් මෙන්ම වාහන වලින් ද අපද්‍රව්‍ය ගෙන දමන බව ප්‍රදේශවාසීන් වාර්තා කරති. ආසන්න දින කිපයක සිට මරා දමන ලද ගවයින්ගේ කොටස් ද ගෙනවිත් දමා ඇති අතර ඒ නිසා එම ප්‍රදේශයේ දුර්ගන්ධය ඉහවහා ගොස් ඇත. මෙම ප්‍රදේශය මීගමුව මහනගර සභාවටත්  කටාන ප්‍රදේශීය සභාවටත් අයත් වන අතර ජනතාව වාර්තා කරන්නේ  මෙම ප්‍රදේශ දෙකෙන්ම කුණු මෙම ස්ථානයට වාහන වලින් ගෙන දමන බවයි. දෙපා ඇල ඒ ආසන්නයේම පිහිටා ඇති අතර මෙම අපද්‍රව්‍ය කොටස් සුලගට ද විසිරී ගොස්  දෙපා ඇල ද අපවිත්‍රවී ඇති අතර දෙපා ඇලේ ජලය ගලායාමද නැවතී ඇත.
වාහන වලින් ගෙනත් දමන  කුණු  රාත්‍රී කාලයට හා අවට ජනයා නැති වේලාවල් වල දී ගෙනත් දමන බවද ජනතාව පවසති. එමෙන්ම ආසන්නම ගැටළුව වී ඇත්තේ ගවයින් ගේ අපද්‍රව්‍ය කොටස්  ගෙනදමා යාමයි. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ගවයින් මෙම ප්‍රදේශයේ විය නොහැකි බවයි. ඊයේ මෙම ස්ථානයට රැස්වූ පෙරියමුල්ල ප්‍රදේශ්‍වාසීන් මීගමුව පොලීසියට ත් මාධ්‍යටත් මේ බව දැනුම් දි තිබුණ අතර එම ස්ථානයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද පැමිණ සිටියේය. කෙසේ හෝ මෙම කුණු ප්‍රශ්නය විසදීම ප්‍රදේශ දෙකේම බලධාරීන්ගේ වගකීමකි.

102

100
DSC03827

ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්