මරාන්තික තුවාලකරුවන් පවා රෝහලට ගෙයයාමට පොලිසිය ඉඩ දි නෑ.අධිකරණයේදි හෙළිවෙයි.

0
93

පෞද්ගලික අංශය සඳහා රජය විසින් යෝජනා කල විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව පැවති කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක උද්ඝෝෂනය අවස්ථාවේ පොලිස් වෙඩි පහරකින් මිය ගිය රෝෂේන් චානක තරුණයාගේ මරණ පරීක්ෂනය මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී පසුගිය ජුනි 21 වැනි දින ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා ඉදිරියේ පැවැත්විණි.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති  සීදුව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. රත්නායක සහ එහි පරිසර ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.පී.කේ.එල් .රණසිංහ යන නිලධාරින් දෙදෙනාද අධිකරණය හමුවේ පෙනී මෙදින සිටි අතර ඔවුන් වෙනුවෙන් නීතිඥ මඩුල්ලක් ම පෙනී සිටීම විශේෂයෙන් කැපීපෙනුණි.

මෙම පරීක්ෂනයේ සාක්ෂි මෙහෙය වන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී කමල් සිල්වා මහතා අධිකරනය හමුවේ ප‍්‍රකාශ කලේ තමාට ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් ලැබුනු උපදෙස් අනුව මැයි මස 30 වැනි දින කටුනායක වෙළඳ කලාපයේ ඇති වු සිද්ධියක් ගැන විමර්ෂනය කිරීමට එදින සවස 4.15 ට පමන එහි ගිය බවයි. එහිදී ඔහු පලමුව ගොස් තිබුනේ කටුනායක පොලිසිය වෙතයි. ඉන්පසු වෙළඳ කලාප පරිශ‍්‍රය තුල සෙරෙප්පු සහ සපත්තු සිය ගනනක් මහා මාර්ගවල තිබුනු අතර ඒවා වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ බවට තහවුරු වුන බවත් කර්මාන්ත ශාලා 14 කට අලාභ කර තිබුනු බවද ඔහු පැවසීය. එහිදී වෙඩි වැදුනු කෙනෙක් රාගම රෝහලේ ප‍්‍රතිකාර ලබන බැවින් තමන් එදින රාතී‍්‍ර 11.00 ට පමන එම රෝහලට ගියත් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන නිසා ප‍්‍රකාශයක් සටහන් කර ගැන්මට නොහැකි වූ බවද ඔහු පැවසීය.
මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා පොලිස් අධිකාරී කමල් සිල්වා මහතාගෙන් විමසා සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා වෙඩි තැබූ බවට පුද්ගලයින්ගෙන් අනාවරණය වී තිබෙනවාද යන්නයි. එවිට  පොලිස් අධිකාරීවරයා ප‍්‍රකාශ කලේ එක් පුද්ගලයෙකුගෙන් කරුණු අනාවරණය වී තිබෙන බවත් ඒ ඇවරිවත්ත ප‍්‍රදේශයේ ගිහාන් මධුරංග නැමැති අයෙකුගෙන් බවයි. ඔහු තමන් වෙත ඒ සම්බන්ධව  ප‍්‍රකාශයක් ලබා දුන්බවද පැවසීය. ‘‘ ඩෙවි තැබීම් සිද්ධවුණු අතුරු මාර්ගයේ පොලිස් නිලධාරීන් 30 ක් පමන රැදී සිටියා දෙදෙනෙක් අතේ ගිණි අවි තිබුනා. එම දෙදෙනාගෙන් කළු කොට මහත කෙනා වෙඩි තැබුවා’’.  එසේම ස්ථාන 03 කදී අපරාධයට සම්බන්ධ ගිණි අවි 12 ක් ද මීලි මීටර් 7.2 පතුරම් 14 ක් ද සොයා ගත් අතර ඒවා රස පරීක්ෂක වෙත භාරදී ඇති බවත් සැකකරුවන් ළඟ තිබුනු ගිණි අවි 02 ක ද භාරගෙන ඒවාද භාවිත කල ගිණි අවි බවට සටහන් වී ඇතැයිද පොලිස් අධිකාරීවරයා අධිකරණය හමුවේ වැඩි දුරටත් පැවසීය.
මීළඟට සාක්ෂි ලබා දුන්නේ ඞී.එස්. ග්ලෝබල් ආයතනයේ රියදුරු ලෙස රැකියාව කරන වීරසංගලි දොරේලාගේ ධනපාල නැමැත්තායි. ඔහු පවසන්නේ එදින එනම් මැයි 30 වැනි දින දහවල් 1.30 ට පමන ආයතනයේ මානව සම්පත් කලමනාකාරවරයා තමාට කථා කරමින් වාහනය එලියට ගන්න , රොෂෙන්ට වෙඩි වැදිලා රෝහලට ගෙනියන්න කියලා ප‍්‍රකාශ කල බවයි. ඒ අනුව ඔහු පවසන්නේ තමන් ඇතුළුව ආයතනයේ මානව සම්පත් කලමනාකාරවරයාත් සහ තවත් අයෙක් එක්ව රොෂෙන්ව උස්සා වාහනයට දමා ගත් බවයි. එලෙස රෝෂේන් කැටුව යන වාහනය පාරට ගන්නවාත් සමඟම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ  වාහනයටද පහර දෙමින් තමන් ඇතුළු අනෙක් දෙදෙනාටද පහර දුන් අතර එසෙම වාහනයේ යතුර ගත් බවද ඔහු සඳහන් කලේය. එම වාහනයේ අංකය WPD- 5816  බවත් එම වාහනය පසු දින ඇවරිවත්තේදී හමු වුන බවත් ඔහු වැඩිදුරටත් අධිකරණයට ප‍්‍රකාශ කලේය.
ඉන් පසුව කටුනායක ගුවන් තොටුපල පොලිසියට අනුයුක්තව සේවය කරන එස්. ඒ. අරවින්ද නැමැති උප පොලිස් පරීක්ෂකවරයා සාක්ෂි දෙමින් පැවසුවේ එදින දහවල් 1.30 පමන කටුනායක පැවති තත්වය මත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ලැබුනු උපදෙස් පරිදි තමන් කටුනායක පොලිසියට නිලධාරීන් කිහිප දෙනෙකු සම`ගින් ගිය බවයි. එහිදී තමන් කුඩා කාර් රථයක දිගාවී වේදනාවෙන් කෑගසමින් තුවාලකරුවෙක් සිටිනවා දැක තමන්ට වාහන එලවීමට හැකි නිසා ඔහුව රෝහලට ගෙනියන්න ඉදිරිපත් වුන බවද ප‍්‍රකාශ කලේය. ඒ අනුව එම තුවාලකරුව සීදුව රෝහලට ගෙන ගොස් භාර දුන් බවත් රෝගියා ඉතාම අමාරුයි නියා ප‍්‍රකාශ කල බවත් එමෙන්ම ඔහුට වැසිකිලි යෑමට අවශ්‍ය යැයි ප‍්‍රකාශ කල බවද පැවසීය. තවද එම රෝගියා සිටි වාහනයේ වීදුරු කැඞී තිබුනු පසුව එම රෝගියා මිය ගියා යැයි ආරංචි වූ බවද  උප පොලිස් පරීක්ෂකවරයා සාක්ෂි දෙමින් වැඩි දුරටත් පැවසීය.
මෙහිදී කටුනායක පොලිසියේ හිටපු ස්ථානාධිපති ප‍්‍රසාද් ප‍්‍රනාන්දු මහතාද සාක්ෂි ලබා දුන්නේය. මෙම නඩු විභාගය නැවත ජුනි 23 දිනට කල් ගිය අතර සැකකරුවන් දෙදෙනා යලිත් එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මෙහිදී සිදු වූ විශේෂිතම සිදුවීම වුයේ සැකකාර පොලිස් නිළධෘරීන් දෙදෙනා වෙනුවෙන් නීතිඥයන් පිරිසක්ම නියෝජනය වුවත් මියගිය රෝෂේන් චානක වෙනුවෙන් හෝ පොලිස් නිලධාරීන්ගේ පහරදීමට ලක් කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් වෙනුP1070791 newවෙන් හෝ එකදු නීතිඥයෙකු හෝ මෙම අධිකරණයේදී ඉදිරිපත්ව නොසිටීමයි.