මරාන්තික වල ගැන නොදන්නා ටෙලිකොම් බබාලා..

0
89

කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ මීගමුව කට්ටුව ප්‍රදේශයේ ඇති මාරන්තික වලක් නිසි ලෙසින් සකස් නොකිරිම පිලිබදව මේ වන විට චෝදනා එල්ලව ඇත්තේ ටෙලිකොම්  ආයතනය වෙතය.මේ වල හේතුවෙන් පසුගිය දිනවල අනතුරු කිපයක්ම සිුදුව ඇති අතර අප ඒවාද වාර්ථා කළෙමු.

ඊයේ අප මේ සම්බන්ධයෙන් මීගමුව ටෙලිකොම් මධ්‍යස්ථානයේ බන්දුල නාත යන නිලධාරි මහතාගෙන් කළ විමසුමකදි ඔහු පවසා සිටියේ තමන් එවැනි අන්නරාකාරි ටෙලිකොම් වලක් ගැන  නොදන්නා බවය.

පසුගිය දිනවල අපගේ විශේෂ අවධානයක් යොමුව තිබුනේ කොළඹ හලාවත මාර්ගයේහ මීගමුවේ සිට කොච්චිකඩේ දක්වා ඇති අන්තරාකාරි තැන් පිළිබදවය. එහි දි අප තේරැම් ගත්තේ මේවා සම්බන්ධයෙන් අදාල රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධිකරණයක් නොමැති බවය. මේ හේතුව නිසා අහිමි වන්නට නියමිතව ඇත්තේ මිනිස් ජිවිත බව අප  මෙි සියළු දෙනා වෙත යළිත් මතක් කරන්නට කැමැත්තෙමු.