මරික්කාර් එන්න මල්පිපි තිබේදැයි බලන්න…

0
375

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා තෙක් ගුවන් මගීන් 850,000ක් ගුවන්තොටුපළ සේවා ලබාගෙන ඇතැයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇතැයි ද ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිතා කරන ස්ථානයක් වී තිබෙන්නේ යැයිද ගල්කැටිය වැඩිදුරටත් ප්‍රකාශකර ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

මේ වසර අවසානය වන විට ගුවන් මගීන් කෝටියක් ගුවන්තොටුපළ භාවිත කරනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු සඳහන් කරන්නට යෙදුණි

2022 වසරේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කළ සමස්ත මගින් ප්‍රමාණය ලක්ෂ 50ක් බවත් 2023 වසරේදී එම ප්‍රමාණය ලක්ෂ 80ක් දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බවත් ගල්කැටිය පෙන්වා දි ඇත

මේ අතර සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි මරික්කාර් විසින් එජාප විසින් සංවිධානය කරන්නට යෙදුණ කුලිපිටියේ පළමු රැස්විමෙන් පසු ජනපති වික්‍රමසිංහ විසින් සංචාරක කලාප හදන බවට කියා සිටියද ඒවා සිදුනොවුන බව කියමින් දැඩි විවේචනයක් එල්ල කර තිබුණ ආකාරය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.කෙසේ වෙතත් සතිපතා දැන් මාධ්‍ය වාර්තා කරමින් ඇත්තේ විශාල සංචාරකයන් පිරිසක් දිනපතා රට තුලට එමින් සිටින බවය

චමත් පෙරේරා.වෙන්නප්පුව