(12.07pm) මල්පෙන්සා ගුවන් තොටුපළ ඉරිදා පොළක් – ගුවන් යානය ප්‍රයිවෙට් බස් එකක්
ඉතාලියේ සිට ලංකාවට යෑමට ගුවන් තොටුපළට එන ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙක් ගුවන් ටිකට්පතේ නියමිත බරට වඩා වැඩි කිලෝ ප්‍රමාණයක් ගෙන යාමට උත්සාහා දරති. ඔවුන් ඒ සඳහා ගුවන් කොටුපළ නිලධාරීන් ඉදිරියේ ”නොවදනා ” වැදුම් වදිති. වාද විවාද කරති. විවිධ උපාය උපක්‍රම කරති. අවසානයේ දබර කරති. ඉන්පසු කෝපයෙන් සිය ගමන් මලු ඇද වැඩි බර ඉවත් කරති. කිලෝ 4ක් ඉවත් කිරීමට කියූ විට කිලෝ 2ක් ඉවත් කර නැවත උත්සාහා කරති. නැවත ආපසු හරවා එවූ විට තවත් කිලෝ ඉවත් කරති. මෙසේ කීප වතාවක් කරකැවී නියමිත කිලෝ ප්‍රමානය සකසා ගනිති.
වැඩි බඩු ප්‍රමාණය සිය ගමන් මලු ඇර ගුවන්තොටුපොළේ පොලව මත තබති. හොදම දර්ශනය සිදුවන්නේ එවිටය. විවිධ පළතුරු වර්ග බෝතල් රිසි සේ පොළොව මත රෝල් වෙමින් යති.
පොළොව මත රෝල් වෙමින් යති. එක් අයෙකු දුව පනිමින් ඒ බඩු එකතු කරති. තව කෙනෙක් නැවත ඒ බඩු අසුරති. ඉතාම කෙටෙියෙන් ග ඉරිදා පොළක දර්ශනයක් සිහි ගන්වයි.
අයෙකු ගුවන් මගීන්ගේ විටෙක හාස්‍යටත් පිළිකුලටත් ලත්වෙමින් මේ විනාශ කරන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයින් සතු ගෞරවනාමය නොවේදැයි මේ අයට තේරෙන්නේ නැත. මගීන් දහස් ගණනක් ගැවසෙන ජාත්‍යන්තර ගුවන්තොටුපළක මේ විදහා දැක්වෙන්නේ උපන්ගෙයි මෝඩකම නොවේද ?
ගුවන් සමාගම මගීන්ට ගෙන යා හැකි බර ඉතාම පැහැදිලිව සඳහන් කරන්නේ මගීන්ගේ පහසුව හා ආරක්ෂාව සඳහාය. එයට සහය දැක්වීම සෑම ගුවන් මගියෙකු සතු යුතුකමකි.
ලංකාවේ ප්‍රයිවෙට් බස්වල යා හැකි මගීන් ප්‍රමාණය හා බර ප්‍රමාණ තීරණය කරන්නේ රියදුරු හා ඔහුගේ සහයකයාය.
ඒ අනුව අනෙක් මගීන්ගේ ඉස කර මත පමණක් නොව රියදුරු තැනගේ හිස මත ද බඩු තබාගෙන ගිය හැකිය.
ඇතුම් ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපළේදී මෙන්ම ගුවන් යානයේදී ද හැසිරෙන්නේද ඒ පුරුද්දට මෙනි. නිශ්චිත ප්‍රමාණයට වඩා වැඩි කිලෝ ප්‍රමාණයක් ගෙනයාම මහා හපන්කමක් ලෙස පුරසාරම් දොඩති. ඒ පිටවෙන්නේ ”උම්බෑ” හඩ බව ඔවුන්ට අවබෝධ නොවිම ජාතියේ අවසනාවකි.
මිලානෝ නගරයේ ශ්‍රී ලාංකික පිරිසක් වෙනුවෙනි.