මල්ලිගේ ඉඩම් කොල්ලයට අයියා දැන් විරුද්ධ වෙයිද ?

0
172

 

කවදත් හුලං අත බලා රුවල දාපු ලංසාට දැන් ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපතිත්වය මිගමුවට සහ වත්තල යන ආසන දෙකටම ලැබි ඇත.


අපට නිමල් ලංසා ගෙන් අහන්නට ඇත්තේ පළමු කොටම එක් පැනයකි. එනම් මිගමුවේ ඉහලම වානිජ වටිනාකමක් ඇති ඉඩම් දෙකක් නගරාධිපති මල්ලි කුමන්ත්‍රණකාරි ලෙසින් විකුණා දැමිමට දැනටමත් සැලසුම් සකස් කර හමාර වි තිබේ

ජනාධිපතිගේ කාර්යාලය ඇතුලටම වි වැඩ කරන නිමල් ලංසා  මල්ලිගේ මේ ඉඩම් කොල්ලය ගැන කියන්නේ කුමක්දැයි මිගමුවේ ජනතාවටත් රනිල් වික්‍රමසිංහටත පැවසිය යුතුව තිබේ.

මිගමුව තුල මේ ඉඩම් කොල්ලයට එරෙහිව පාරට බැස්සේ රනිල් වික්‍රමසිංහගේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසකි.
ඒ බදු ගෙවන ජනයාගේ අයිතිය වෙනුවෙනි.
ජනාධිතිවරයා දැන් ගන්නේ කාගේ පැත්තදැයි මිගමුවේ ජනයා විමසිලිමත්ව බලා සිටිති