‘මලාලා’ වෙනුවෙන් දිනයක් වෙන්කළා නම් ‘රේචල් කොරී’ වෙනුවෙන් දිනයක් වෙන්නොවන්නේ ඇයි?

0
59

 

large_130717202648-pkg-malala-taliban-letter-morris-00000103-story-topං තලේබාන් කැරලි නායකයෙකු   විසින් පසුගිය බදාද දින මලාලා යූසුෆ්සායි  වෙත පිළිතුරු ලිපියක් ප්‍රසිද්ධියේ  මුදාහැර තිබේ. මෙම  ලිපිය 2013 ජූලි 16 වනදා මලාලා විසින් සිය උපන්දිනයේදී එක්සත් ජාතීන් හමුවේදී කළ ප්‍රසිද්ධ කතාවට  පිළිතුරු ලිපියකි.
‘මලාලා’ පකිස්ථානු ජාතික ශිෂ්‍යාවක් වන අතර ඇය 2012 ඔක්තෝම්බර් 09 වනදා තලේබාන් සටන්කරුවන් අතින් වෙඩි ප්‍රහාරයකට ලක්විය. ඇයගේ හිසටත්,බෙල්ලටත් වෙඩි වැදුනේ සිය පාසල නිමවී පැමිණෙමින් සිටියදීය. මලාලා  මෙලෙස පකිස්තාන් තලේබාන්වරුන් අතින් ප්‍රහාරයට ලක්වූයේ ඇය විසින් තලේබාන්වරුන්ගේ මූලධාර්මික දැඩි ප්‍රතිපත්ති විවේචනය කළ හේතු නිසා බව වාර්තා වෙයි.
ඒ වන විට මලාලා , තලේබාන්වරුන් විසින්   දැරිවියන් අධ්‍යාපනය ලැබීමට දැමූ තහංචි  හෙලාදකිමින් සිය පෑන මෙහෙයවමින් මාධ්‍යවේදිනියක් සේ කටයුතු කළාය. එමෙන්ම එඩිතරව තමන්ට අධ්‍යාපනය ලැබීමට ඇති  අයිතිවාසිකම රැකගැනීමට ක්‍රියා කළාය.
ඇයගේ මෙම ක්‍රියාව අගය කරමින් එක්සත් ජාතීන් විසින් ඇයව ලෝකයටම ආදර්ශමත් යෞවනියක් බවට ඔසවා තැබූ අතර ඇය වෙනුවන් විශේෂ දිනයක් පවා වෙන් කළේය.  ඇගේ ජන්ම දිනය නිමිතිකරගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදුකළ විශේෂ උත්සවයකදී මලාලා ලෝකයම අමතා ඇගේ අදහස් ප්‍රකාශ කළාය.
මෙම පිළිතුරු  ලිපිය ලියමින්  කතෘ විසින් ආරම්භයේදීම එහි වගකීම තමන්ටම පවරා ගන්නා අතර කිසිවිටකත් පකිස්ථානයේ තාරීක් තලේබාන්වරුන් හෝ ජිහාඩ් සංවිධානයක මගපෙන්වීම හෝ නිතියක් මත නොලියවුණ බව සඳහන් කරයි. ඉතා දීර්ඝ පිළිතුරක් වන මෙම ලිපියේ එක් ඉලක්කයක් වී ඇත්තේ මලාලා ව අගයමින් ඇගේ  වීරත්වය ගැන  ආඩම්බර වන අමෙරිකාවේ  ක්‍රියාකලාපය විවේචනය  කිරීමයි.
එහි  අවසානයේදී ඇයගෙන් ප්‍රශ්න කීපයක් අසා ඇත.
” ඔබ පවසා ඇති ලෙස ‘මලාලා දිනය’  ඔබේ දිනයක් පමණක් නොවේ එය සෑම පුද්ගලයෙකුටම ඇති අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමට ඇති දිනයක්. මම ඔබෙන්අහනවා ඇයි එවැනි දිනයක් ‘රේචල් කොරී ‘ වෙනුවෙන් වෙන් නොවන්නේ, මක්නිසාද ඇයව බුල්ඩෝසර් කළේ ඉස්රායිල් විසින්.
ඇයි එවැනිම දිනයක් ”ආෆිගා සිද්ධිකේ ”වෙනුවෙන් වෙන් නොවන්නේ,
(http://en.wikipedia.org/wiki/Aafia_Siddiqui) images
ඇත්තෙන්ම මෙවැනි දින ඇයි ‘ෆායිසාන් සහ ෆාහීම්’  වෙනුවෙන් ප්‍රදානය නොවන්නේ?  ඇමරිකාව අතින් ඝාතනය වූ  ඇෆ්ගනිස්ථානයේ මෙවැනිම අහිංසක කාන්තාවන් 16 දෙනෙකුට සහ දරුවන් වෙනුවෙන් එවැනි දින වෙන් නොවන්නේ ඇයි ? මම ඔබෙන් අවංකවම මෙම ප්‍රශ්නය අසනවා ,
ඔබ  ඇමරිකාව අතින් ප්‍රහාරයකට ලක්වූවා නම්, ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලෝකය දැන ගනී ද? ඔබට ජාතියේ දියණීය ලෙස අමතාවිද ? ඔබ ගැන මාධ්‍යයෙන් කතා කරාවිද? ජෙනරාල් කියානි ඔබව බැලීමට පැමිණේවි ද?  ඔබට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආරාධනා ලැබේවිද ? ”මලාලා දිනය” ලෙස දිනයක් නම් කරාවිද ?”

සම්පූර්ණ ලිපිය –
http://topinfopost.com/2013/07/22/the-talibans-letter-to-malala-yousafzai

සබැදි ලිපි –
http://rachelcorriefoundation.org/
http://www.rachelcorrie.org/
http://www.samakaya.org/2007_02_01_archive.html