මවගේ තනියට මඩම්පැල්ල හන්දියට ගිය දිනේෂ්ගේ යළි නොඑන ගමනක් ගියේය ..

0
198

දිනේෂ්

රැකියාවට ගොස් සේවය නිම කරමින් එන තම මව සම`ග තනියට පැමිණි 12 වියැති දරුවෙකු, විෂ සහිත සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මිය ගිය ගියේය.  ජනවාරී 20 වැනි දින රාතී‍්‍ර 8.30 ට පමන මෙලෙස සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මිය ගියේ  කටාන, හල්පේ , බටලන්දුවත්තේ අංක 79/1 දරණ නිවසේ විසු දිනේෂ් දිමුතු කපිලරත්න නැමැති පිරිමි දරැවායි.  ඔහුගේ පියා මීට වසර 06 කට පෙර මීමැස්මොරය රෝගයෙන් මිය ගිය ගොස් ඇති අතර ඔහු වෘත්තියෙන් ගඩොල් පෝරන් කම්කරුවෙකු වූ කපිලරත්න බන්ඩාර වේ.  මේ වන විට සීදුව බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ ජුකී මැෂින් ඔපරේටර්වරියක ලෙස රැුකියා කරන ශී‍්‍රයාණි විජේසිංහ දිනේෂ්ගේ මවයි.  මිය ගිය දිනේෂ් දිමුතු කටාන, හල්පේ 06 වන ශද්ධවූ පාවු`ඵ පාප් මහා විදුහලේ 06 වන වසරේ ඉගෙනුම ලැබීය.
මියගිය දිනේෂ් දිමුතුට , පාසල් අධ්‍යාපනය අවසන් කල වැඩිමහල් සහෝදරයෙක් සහ හල්පේ 06 වන ශද්ධවූ පාවු`ඵ පාප් මහා විදුහලේ ම 11 වන වසරේ අධ්‍යාපනය හදාරන වැඩිමහල් සහෝදරියක ද සිටි.
දිනේෂ්ගේ පියා මිය යාමෙන් අනතුරුව දරුවන් තිදෙනෙකු පෝෂනය කිරීම වෙනුවෙන් දිනේෂ් ගේ මව සීදුව බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ ජුකී මැෂින් ඔපරේටර්වරියක ලෙස රැුකියාවකට ගොස් වසර 04 ක් මේ වන විට ඉක්ම ගොස් තිබේ. මීට මාස 02 කට පමන පෙර දිනේෂ් ගේ මවගේ පියා මිය යාම හේතුවෙන් රාතී‍්‍ර කාලයේදී ඇයට සේවය නිම කර නිවසට පැමිණෙන විට ඇති වූ බිය මුසු හැ`ගීම හේතුවෙන් ඇගේ තනි නොතනියට ඇය සම`ගින් දිනපතා රාති‍්‍ර පැමීනීමට මේ අනුව දිනේෂ් පුරුද්දක් කර ගෙන තිබිණි. තම මවව නිවසට කැ`දවාගෙන ඒමට දිනපතා  දිනේෂ් මඩම්පැල්ල හංදියට යන්නේ සවස 4.00 ට පමනය. එලෙස ගොස් එම හංදියේ මසුන් වෙළ`දාමේ යෙදෙන තම අසල් වැසි පි‍්‍රයන්ත මාමා සම`ග කථා බස් කරමින් සිට රාතී‍්‍ර 7.30 පමන එම හංදියට පැමිණෙන තම මව කැටුව නිවසට පැමිනීම දිනේෂ් පුරුද්දක් කර ගෙන තිබේ. එදිනද තම මව සම`ග වෙනදා මෙන් පයින්ම නිවසට පැමිණෙමින් සිටියදී නිවසට නුදුරින් වූ විදුලි පහන් කනුව ආසන්නයේදී මෙම සර්පයා  දිනේෂ් ට නොදැනීම පැගී ඇත. එහිදී සර්පයා දිනේෂ්ව දෂ්ඨ කර ඇති අතර එහිදී තමාව දෂ්ඨ කල සර්පයාව අසල තිබූ ලික්සිරියා පොල්ලක් ගෙන ගසා එම සර්පයාව මරා දැමීමටද දිනේෂ් සමත් වී තිබේ.
එම සර්පයා දෂ්ථ කර තිබූනේ දිනේෂ් ගේ දකුණු කකුලේ මැනික් කටුව ආසන්නයටය. සර්පයා දෂ්ඨ කල ස්ථානයෙන් රුධීර වහනය වීමක්ද සිදුව ඇති අතර පසුව ඇති වූ සිහි ම`ද ගතිය නිසාම වහාම දිනේෂ් ව ගොඩිගමුව, අකරගම රෝහලට රැුගෙන ගොස් එතැනින් මීගමුව මහා රෝහලට යවා ඇත. එලෙස මීගමුව මහා රෝහලට ගෙන යමින් සිටියදී ඔහු මිය ගොස් තිබීනි.
දිනේෂ් ට දෂ්ඨ කර ඇත්තේ පොළොන් වර්ගයට අයත් විෂ සහිත සර්පයෙක් බවද වාර්තා වේ. මිය ගිය දිනේෂ් තම මවට සහ තම වැඩිමහල් සොහොයුරාටත් සොහොයුරියටත් ඇතු`ඵ නැදෑ හිතමිත‍්‍රාදීන්ට බෙහෙවින් ආදරය කල අයෙකි. ප‍්‍රදේශ වාසීන් හා ඔහුගේ ඥාතීන් පවසන්නේ මිය ගිය දිනේෂ් කි‍්‍රඩාවට බෙහෙවින්ම දක්ෂයෙකු වු බවයි. ප‍්‍රදේශවාසී කොයි කාගේත් සිත් දිනා ගත් දරුවෙකු ලෙස ඉතා කීකරුව හැදුණු වැඩුනු දරුවෙකු බවද ප‍්‍රදේශ වාසීන් වැඩි දුරටත් මියගිය දිනේෂ් පිලිබදව දුක්මුසුව පවසති.
තුෂාර රොහාන්