”මව්බිම” සහ ”සිරස” පච කියති.

0
85

‘මව්බිම’ පුවත් පත අද (25)මුල් පිටුවේ “රනිල් නායකත්වයෙන් ඉවත් කරන්න බස්නාහිර එජාප මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික තීන්දුවක්” යන සිරස්තලය යටතේ පළ කර තිබෙන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය, පාඨකයා නොමග යවන සුළු ගෙතූ කතාවක් බව බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ නායක මංජු ශ්‍රී අරංගල මහතා කියයි.

එය නිවරදි කරන ලෙස එම පුවත්පතේ කර්තෘ තුෂාර ගුණරත්න මහතාට ලිපියක් යොමුකරමින් කියා සිටී.

ඊයේ (24) පැවති අදාල රැස්වීමේ මුලසුනෙහි සිටියේ තමා බවත් අරංගල මහතා සිය ලිපියෙන් අවධාරණය කර ඇති අතර එම පුවතේ සදහන් කිසිවක් සිදු නොවූ බවද දක්වා තිබේ.

එම රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපය දැඩිලෙස විවේචනය කළ බවටද එහි දැක්වෙන බවත් එයද අසත්‍යක් බව ඔහු සදහන් කර ඇත.

එවැනි ප්‍රකාශයක් කිසිසේත්ම නොකළ බවත්, ඔබ වාර්තාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත එක් බවද ඔහු පවසා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා මේ රට මේ අපායෙන් ගොඩ ගත හැකි එකම, බුද්ධිමත් සහ ආසියාවේ පරිණතම නායකයා බවත්, තමාගේ පෞද්ගලික විශ්වාසය බවද එහි දැක්වේ.

එබැවින් වහාම එය නිවැරදි කර සම්පූර්ණයෙන්ම අදාළ ප්‍රවෘත්තියට ලබාදුන් ප්‍රසිද්ධියම ලබා දී පළ කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් පුවතක් පලකර තිබූ සිරස රූපවාහිනියටද එය නිවරදිකරන ලෙස දන්වා අරංගල මහතා ලිපියක් යවා තිබේ.

අදාල ලිපිය’මව්බිම’ පුවත් පත අද (25)මුල් පිටුවේ “රනිල් නායකත්වයෙන් ඉවත් කරන්න බස්නාහිර එජාප මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික තීන්දුවක්” යන සිරස්තලය යටතේ පළ කර තිබෙන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය, පාඨකයා නොමග යවන සුළු ගෙතූ කතාවක් බව බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ නායක මංජු ශ්‍රී අරංගල මහතා කියයි.

එය නිවරදි කරන ලෙස එම පුවත්පතේ කර්තෘ තුෂාර ගුණරත්න මහතාට ලිපියක් යොමුකරමින් කියා සිටී.

ඊයේ (24) පැවති අදාල රැස්වීමේ මුලසුනෙහි සිටියේ තමා බවත් අරංගල මහතා සිය ලිපියෙන් අවධාරණය කර ඇති අතර එම පුවතේ සදහන් කිසිවක් සිදු නොවූ බවද දක්වා තිබේ.

එම රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපය දැඩිලෙස විවේචනය කළ බවටද එහි දැක්වෙන බවත් එයද අසත්‍යක් බව ඔහු සදහන් කර ඇත.

එවැනි ප්‍රකාශයක් කිසිසේත්ම නොකළ බවත්, ඔබ වාර්තාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත එක් බවද ඔහු පවසා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා මේ රට මේ අපායෙන් ගොඩ ගත හැකි එකම, බුද්ධිමත් සහ ආසියාවේ පරිණතම නායකයා බවත්, තමාගේ පෞද්ගලික විශ්වාසය බවද එහි දැක්වේ.

එබැවින් වහාම එය නිවැරදි කර සම්පූර්ණයෙන්ම අදාළ ප්‍රවෘත්තියට ලබාදුන් ප්‍රසිද්ධියම ලබා දී පළ කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් පුවතක් පලකර තිබූ සිරස රූපවාහිනියටද එය නිවරදිකරන ලෙස දන්වා අරංගල මහතා ලිපියක් යවා තිබේ.

www.srilankamirror,lk ඇසුරෙනිfox-2272

අදාල ලිපියManjuLetter_600px_13_09_25