මව්වරුන්ටත් දිනයක් ???

0
170

මව්වරැන්ගේ දිනය අපි සමරන්නේ මව මාතෘත්වය මවගේ ඇති බැඳීම් හා මව සමාජයට ඇතිකරන බලපෑමට ඇයට ගෞරව කිරීම සඳහායි.ලෝකයේ විවිධ ප්‍රදේශ වල විවිධ දිනවල මෙම දිනය සමරනු ලබනවා.බොහෝවිට එය සමරන්නේ මාරතු හෝ මැයි මාස වලයි.

20වැනි ශතවර්ෂයේ මුල් කාලයේදී ඇමරිකා එක්සත් ජනපදයෙන් තමයි මෙලෙස මව්වරැන්ගේ දිනය සැමරීම ආර්ම්භ වෙන්නේ.මෙම සැමරීම මීට පෙර ලෝකයේ විවිධ ප්‍රදේශවලින් පැවත එන විවිධාකාරයේ මාතෘත්වය සැමරීම් වලට සමාන වන්නේ නැහැ.වර්ථමානයේ අප සමරන මවුවරැන්ගේ දිනය සැමරීම ආරම්භ වෙන්නේ 1908 වර්ෂයේදීයි.බටහිර වර්ජිනියාහි ජීවත් වන තම මව සිහිවීම පිණිස ඇමරිකාවේ ඇනා ජාවිස් (Anna Jarvis) නැමැත්තිය විසින් සංවිධානය කල අනුස්මරණ උත්සවයකිනුයි මවුවරැන්ගේ දිනය ආරම්භ වන්නේ.ඉන් පසු මව්වරැන්ගේ දිනය ඇමරිකාවේ පිලිගත් නිවාඩු දිනයක් බවට පත් කිරීමට ඇය වෙහෙසුනු අතර එම ප්‍රයත්නය 1914 වසරේදී සාර්ථක වුනා.දැන් මෙම දිනය ලෝකය පුරාම සමරනු ලබනවා.මෙදිනට සියලුම දෙනා කුමන හෝ පොඩි තෑග්ගක් හෝ කාඩ්පතක් හෝ තමන්ගේ මවට හෝ ආච්චිඅම්මාට පිළිගන්වනවා.
මවට ගෞරව කරමින් පවත්වන විවිධ වැඩසටහන් ඇමරිකාවේ 1870 හා 1880 වැනි කාල වලසිට පැවතෙනවා.නමුත් එය දේශීය මට්ටමින් එහාට විහිදුනේ නැහැ.
ඇමරිකානු නිවාඩු දිනයක් ලෙස පැවති මෙම දිනය විවිධ රටවල් සහ සංස්කෘතීන් විසින් අනුගමනය කලත් මවුගුණ සිහිකිරීම සඳහා ඔවුන්ගේ රටවල් වල කාලයක් තිස්සේ පවතින සැමරැම් දින වලට එය වෙනස් වුනා.සමහර රටවල් විශේෂ ආගමික වැදගත් කමක් ඇති දිනයකට මෙම සැමරැම් දිනය වෙනස් කළා.තවත් සමහර රටවල් ඓතිහාසික වැදගත් කමක් ඇති දිනයකට මෙම සැමරැම යොදා ගත්තා.මෙලෙස විවිධ රටවල් විවිධ හේතූන් මත දිනයන් යොදා ගනිමින් මවුවරැන්ගේ  දිනය සමරනු ලබනවා.
මේ අනුව ලංකාවද රටවල් කාණ්ඩයක් මව්වරුන්ගේ දිනය මැයි මාසයේ දෙවන ඉරිදාට යොදාගෙන තිබෙනවා.

සටහන -මිතිලායා ගමගේ