මහ මුහුද මැදදි රෝගී වු මීගමුවේ ධිවරයෙකුගේ දිවි බේරාදීමට නාවික හමුදාව සමත්වෙයි !

0
88

IF මිගමුව, ධීවර වරායෙන් 2019 ජූලි 26 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘චතුමිණි 1’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගිව සිටින බව අගෝස්තු 15 වෙනිදා  ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නෞකාව පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.IF

IF
IF

Navy 14Navy 15

ගාල්ල ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 155 ක් පමණ වූ දුරකදි රෝගියා නිරුපද්‍රිතව නෞකාව වෙත ලබා ගත් රෝගියා හට මුලික වෛද්‍ය ප්‍රථිකාර ලබා දිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා එම රෝගියා ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා ‍වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වෙත ලබා දෙන ලදී. ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කරන ලදී.Navy 16Navy 17

තවද, මෙලෙස ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසිම සඳහා සෙවිමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කර අවශ්‍ය සහාය ලබා දීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.
මුලාශ්‍රය/ඡායා –