මහ මුහුදේ රැලි අතර සැඟවී යන කාමච්චෝඩය සතිපොලේ වෙළඳුන්ගේ අඳෝනාව

0
181

IMG-20191104-WA0046IMG-20191104-WA0043මීගමුව කාමච්චෝඩය සතිපොල තුළ සිදුවන අසාධාරණ පොල කාසි අයකිරීම ගැන මීට පෙර අවස්ථා ගනනාවකදී සඳහන් කර ඇත්තෙමු . නමුත් එම අසාධාරණය ගැන කිසිදු බලධාරියෙකු කිසිදු කථාබහක් නොකරති.ඒනිසා හැමදාමත් මෙම අසරණ වූ මිනිස්සු මෙකී මංකොල්ලය ඉදිරියේ නිරුත්තරව, නිහඬව සිටිති.එය එසේ වන්නේ බිය නිසාය . අහූමුළුවල කසුකුසු ගානවා හැරෙන්නට මෙම අසාධාරණයට එරෙහිව පියවරක් ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවේ.
ජීවිතයේ සැදෑ සමය ගතකරන තාත්තලා සහ අම්මලාද මෙම සතිපොල තුළින් මුදලක් සොයා ගැනීමට වෙහෙසෙන ඔවුන් ඒ අනුව ගඩා⁣ගෙඩි ටිකක් , එලවළු ටිකක් ⁣⁣ගෙනැවිත් විකුණති. ඒඅය සමඟ කතා කිරීමේදී පැහැදිළි වූයේ ඔවුන්ද මෙම අයකිරීම් තුළින් අසාධාරණයට ලක්වී ඇති බවයි .IMG-20191104-WA0047
විශාල දැනුවීම් පුවරුවක් මුහුද ආසන්නයේ සිටුවා ඇති නමුත් ඒගැන මිනිසුන්ගේ අවධානයක් දක්නට නැත . ඒනිසා පොල අයිතිකරුවෝ තමන් කැමති ප්‍රමාණයක් පොල කාසි වශයෙන් එකතු කරන අතර පරිභෝජනයට අවශ්‍ය එලවළු ටික පවා නොමිලේ ලබාගන්නා බව සමහරු පවසති .
රු. 200/ සිට රු. 2000/ ද ඉක්මවා යන ගනනක මුදල් එකතු කරන අතර තර්ජනය සහ ගර්ජනයද මේ සඳහා පිටුවහලක් කර ගනිති .
මීගමු නගරයේ පොදු ස්ථානවල වෙළඳාම් කටයුතු වලදී මේ තත්වය සාමාන්‍ය එකකි . මෙම අසාධාරණයන්වල මූලාරම්භය සිදුවන්නේ නගරයේ සිටින ප්‍රධාන පුරවැසියාගේ සිටය. විශාල අාදායමක් උපයන බීච්පාක් උද්‍යානය ඉන් එක් උදාහරණයක් පමණි . මේවා නතුකර ගෙන සිටින වුන් තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සිතා මේ පොදු දේපල අවභාවිතාවේ යොදවති.
කාමච්චෝඩය සතිපොල තුළ ද අපි අත්දකිමින් සිටින්නේ මෙවන් තත්වයකි . මෙම ⁣තත්වය අසරණ වෙළෙන්දෝ බිය නිසා විඳදරා ගනිති . ඒනිසා අසරණ මිනිසුන්ගේ දුක තමන්ගේ වාසියට හරවාගැනීමට මෙම පොල අයිතිකරුට හැකියාව ලැබී ඇත . නමුත් තත්වය වෙනස් වූ අවස්ථාවක මෙම අසාධාරණයට එරෙහිව ඔවුන් පෙළගැසෙනු ඇත .