මහජන දේපල දේශපාලන හිතවතුන්ට දිමට මන්ත්‍රිවරු 15 ක් මනාපයි ?

0
55

NMC 5නගරාධිපති සහ නාගරික මන්ත්‍රිවරුන්  ඊයේ දිනයේ  දෙවර්ෂ පුර්ණය සමරන ලදි ඒ වෙනුවෙන් විවිධ සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ද සංවිධානය  කර තිබුණි.
දෙවසරක් පිරෙන මොහොතේ මීගමුව මහනගර සභා ඉතිහාසය තුල සිදුකරන ලද අති විශේෂ පාවා දිම දැන් සිදුව හමාරය.
ඒ මහනගර සභාවට අයිති ක්‍රිඩා පිටි උද්‍යාන සහ වෙළදපොලවල් වල පාලනය මහනගර සභාව සතු කරගත යුතුයැයි කියමින් හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින් ගෙන එන ලද යෝජනාව ඡන්ද 15 කින් ඔක්තෝබර් 08 වෙනිදා පැවැති මහසභාවේදි පරාජය කරමිනි.
මේ සියළු යෝජනා සියල්ල සත්‍ය වුවත් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්විමේදි ගනු ලැබු තින්දුව මත මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරිමට සිදුව තිබුන බව අප කළ විමසුමකට පිළිතුරු දුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකු කියා සිටියේය.
මෙහිදි හෙළිදරව්  කළ යුතු ප්‍රධාන කරුණක් ඇත. එනම් මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්විම මෙහෙයවනු ලබන්නේ කව්රුන් විසින්ද යනුවෙනි.
එය පැවැත්වෙන්නේ බස්නාහිර අැමති නිමල් ලංසාගේ මූලිකත්වයෙනි. රොයිස් විජිත මන්ත්‍රිවරයා විසින් ගෙන එන ලද කරුණු 10 සදහාම ගෑවි ඇත්තේද ඇමති නිමල් ලංසාගේ නමය.හේතුව ඒ සියළු මහජන දේපොල පවරනු ලැබ ඇත්ෙත් ඇමති ලංසාගේ හිතවතුන්ට සහ පවුලේ අයට විම නිසාය.
තතු මෙසේ වෙද්දි ඇමති ලංසා කිසිවිටකත් එය නගර සභා සතු දේපොල යැයි කිමට අත ඔසවයිද?
මීගමුවේ බුද්ධිමත් ජනතාව දැනගතයුතු ප්‍රධානතම කරුණ වන්නේ මීගමුවේ සියළු මහජන දේපොල දැන් ඇත්තේ නගර සභාවේ පාලනයට නතුව නොවන බවය.
ඒ සියල්ල දැන් අයත් වන්නේ ඇමති නිමල් ලංසාගේ ග්‍රහණයට බවය.
මෙය කොතරම් නම් සංවිධානත්මකදැයි වැටෙහෙන්නේ මීගමුවේ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන්වද ඉතාමත් පහසුවෙන් පාලනය කරගන්නට තරම් ඇමති ලංසා සමත්ව තිබිම හේතුවෙනි.
පසුගිය මහ සභාව රැස්විමට සජිත් මෝගන් නස්මියාර් සහ රවි ජිවානන්ද යන විපක්ෂ මන්ත්‍රිවරුන් නොපැමිණ අැත්තේ ඇමති නිමල් ලංසාට පිටුපා රොයිස් විජිත විසින් ගෙන ආ යෝජනාවට පක්ෂය ජන්දය දිමට නොහැකි නිසාය.
හර්මන් කුරේරා පමණක් නොව අැන්ටනි ජයවීර නගරාධිපතිවරයාටද දැන් කරන්නට  සිදුව අැත්තේ තවදුරටත් මේ දේපල මහජනතාව වෙනුවෙන් ආරක්ෂා කර දිම නොව  ඇමති නිමල් ලංසාගේ හිතවතුන්ගේ පරිහරණයට පහසුවන පරිදි හැකිතාක් අවශ්‍ය කටයුතු කළමණාකරනය කිරිමය.
සැබැඳි පුවත්-
http://www.meepura.com මහජන දේපල කොල්ලය http://www.meepura.com/%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85/%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94-%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B8%E0%B7%84%E0%B6%A2