මහජන දේපල හිතුමතේ ලංසලා බදු දිම ගැන මෙන්න ගෝලයන්ගේ ප්‍රතිචාර ..

0
196

ලංසාලා යනු මිගමුවේ මහජන දේපල ඔවුන්ගේ ගජමිතුරන්ට මෙන්ම පාදඩයන්ටද හිතුමතේ බුක්ති විදිමට පසුගිය දශක ගණනාව පුරාම ඉඩ ලබා දි තිබුණ ප්‍රධානතම කලු සල්ලි දේශපාලන කල්ලියයි

රාජපක්ෂලාට මෙන්ම ලංසා පවුලටද මිගමුවේදි වැඩියෙන්ම සෙනෙහවන්ත වු කතෝලික පියතුමා වුයේ මිගමුව ශා.මරියා විදුහලේ විදුහල්පති පියතුමාය.

ලංසාල එතුමන්ට තුඩුපඩුරු ලෙසින් මිගමුව කාමච්චෝඩේ සහ අවට තරුණ තරුණියන් මෙන්ම දුවා දරුවන් භාවිතා කළ කාමච්චෝඩේ ක්‍රිඩා පිට්ටිනිය ශා.මරියා විදුහලට බදු දි තිබුණි.

අලුත පැමිණි පියතුමා දැන් එම පිට්ටනියේ ක්‍රිඩා කිරිම කාමච්චෝඩේ අයටද තහනම් කර ඇතැයි ඒ ප්‍රදේශයේ තරුණයෝ මිපුරට කියා සිටියහ

අප මේ ගැන කරන ලද හෙළිදරව්ව ලංසා පවුලට හිතවත් ගෝලබාලයන්ට දැන් විහිළුක් වි තිබේ.ඉන් කියැවෙන්නේ මිගමුවේ තරුණ දරවන්ට ඇති ක්‍රිඩා පිටි වල අයිතිය මෙි අය විසින් දැන් සමම්චලයට ලක් කරමින් සිටින බවය .
මිගමුව යනු දරුණු ලෙස කුඩු පැතිර යන ප්‍රධාන නගරයකි. ඒ වසංගතයට තරුණයන් බිලිවිම වලකාලන එක් ප්‍රධාන සාධකයක් වන්නේ ඒ තරුණයන්ට හට සිය විවේකය ක්‍රිඩාවට ඇතුළු ප්‍රයෝජනවත් දේ සදහා ඉඩ කඩ සලසා දිම තුලය. ඒ සදහා මිගමුවේ බදු ගෙවන ජනයාට ඇති අයිතිය සමච්චලයට ලක් කළ හැක්කේ කාටද ?
තරණයන්ගේ හෙට දවස කාලකණ්නි එකක් වුවට කම් නැතැයි හිතන ඔල මොට්ලයන්ට පමණය

මේ එක් අයෙකු දැන් සිටින්නේ යුරෝපයේ ඉහලම සංස්කෘතිකයට උරුමකම් කියන ප්‍රංශයේය .එහෙත් ඔහු තාමත් භ්‍රමණය වන්නේ වැල්ලවිදියේ ලංසා පවුලේ සංස්කෘතිකය වටාම බව දැන් වඩාත් පැහැදිලිය .එවැනි අයට කිසිදාක සංස්කෘතින මිනිසෙකු විය නොහැක්කේ ඔවුන්ගේ අක්මුල් තාමත් කලු සල්ලි පවුලේ අස්සේ දිවගොස් ඇති බැවිනි

ප්‍රංශයේ පුරවැසියන්ට ඇති සම අයිතිය ගැනවත් තාමත් ඉගෙන ගන්නට බැරිව සිටින මෙවැනි අය විහිළුවට ගෙන ඇත්තේ මිගමුවේ ක්‍රිඩාශිලි තාරුණ්‍යයේ හෙට දවසය.
කුඩැල්ලන් මෙට්ටේ තැබුවද ඇතැම් බයියන්ව එසේ කළ නොහැකි බවට දැන් උදාහරණ ඕනෑතරම්ය